(රංජන් කස්තුරි)

මත්පැන් කාලේ බෝතල නිෂ්පාදනය තහනම් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති අතර ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇතැයි දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි.

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ අධිකාරිය සිදු කළ සමීක්ෂණයකදි ඊට සහභාගී වූ පුද්ගලයන්ගෙන් සියයට 72ක ප්‍රමාණයක් මත්පැන් කාලේ බෝතලය තහනම් කළ යුතු බවට මතය පළකළ බව ද සභාපතිවරයා කීවේය.

මත්පැන් හා දුම්වැටි සම්බන්ධයෙන් සිදු කළ මෙම සමීක්ෂණයට වයස කණ්ඩ තුනක් යටතේ මෙම සමීක්ෂණය සිදු කළේය.