
(සුනිල් එස් තන්ත්‍රිආරච්චි )
සම්බුද්ධ ශාසනයේ සහ අඅමරපුර භික්ෂු වංශයේ සුස්ථිරත්වය පිණිස ක්‍රියාත්මක කරනු ලබන "සසුන් කෙත අස්වද්දමු " ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ කුල දරුවන් 70 දෙනෙකු සසුන් ගත කිරීමේ පුණ්‍ය මහෝත්සවය ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති හා වැඩ බලන උත්තරීතර මහානායක අති පූජ්‍ය කරගොඩ ,උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහනාහිමියන් ප්‍රමුඛ පාර්ශවීය මහානායක ස්වාමීන්වහන්සේලාගේ සහභාගිත්වයෙන් අද (26) කළුතර ඓතිහාසික බෝධි පරිශ්‍රයේදී පැවැත්විණි .
කළුතර පාලම් දෙක අතර ඇති තලව්වේ සිට තම මාපියන් සමගින් මෙම කුල දරුවන් පෙරහැරින් කැඳවාගෙන ආ අතර කළුතර බෝධියේ ධර්ම ශාලාවේදී ඔවුන් සසුන්ගත කළහ.
මෙහිදී අරමුණ පැහැදිලි කරමින් අදහස් දැක්වූ මෙම ව්‍යාපෘතියේ ප්‍රධානී බලපිටිය ශ්‍රී ලංකා ප්‍රාචීන විශ්ව විද්‍යාලයේ මහෝපාද්‍ය රාජකීය පණ්ඩිත බලපිටියේ සිරිසීවලී හිමියෝ මෙසේ ප්‍රකාශ කළහ .
අද මෙරට ශාසනයට විශාල අභියෝගයක්වී ඇත්තේ භික්ෂූන් වහන්සේලාගේ හිඟයයි .මහ නාහිමිවරුන් අපවත් වෙනවා .තරුණ භික්ෂූන් උපැවිදි වෙනවා .
මෑතකදී මාධ්‍යයෙන් අපි දැක්කා උතුරු මැද පළාතේ පමණක් එක් භික්ෂූන් වහන්සේ නමක් හෝ නොමැතිව විහාරස්ථාන 425 වැසී ගිහින් කියලා .මේ තත්වය මුළු රටටම බලපානවා .ඊට දිය හැකි හොඳම විසඳුම සංවිධානාත්මකව කුල දරුවන් වැඩි වශයෙන් පැවිදි කිරීමයි .
"සසුන් කෙත අස්වද්දමු " ව්‍යාපෘතියේ අරමුණු දෙකක් තිබෙනවා .එකක් ගෞතම සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය ,අනෙක අමරපුර භික්ෂු වංශයේ සුස්ථිරත්වය .
මේ වගේ දුර්ලභ පිංකම් පහසුවෙන් කරන්න බැහැ .අමරපුර නිකායට අයත් විහාරස්ථාන 3500 කට අධික සංඛ්‍යාවක් තිබෙනවා .භික්ෂූන් වහන්සේලා 14000 කට අධික සංඛ්‍යාවක් වැඩ සිටිනවා .මේ නිකායේ පාර්ශව 22 ම එකතු කළේ කළුතර බෝධියේ නිර්මාතෘ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතායි .අමරපුර නිකායට වැල්ලවත්ත ප්‍රදේශයෙන් මහා වටිනාකම් ඇති මූලස්ථානයක් තනා දුන්නේ වත්මන් සභාපති අජිත ද සොයිසා මහතායි .අප මේ පිංකම සඳහා මේ පුණ්‍ය භූමිය තෝරා ගත්තේ ඒ නිසයි .
ගඩොල් වැලි ,සිමෙන්ති එකතු කර පංසල්වල මහ විශාල ගොඩනැගිලි හදන මහ සංඝ රත්නයෙන් මා ඉල්ලා සිටිනුයේ ඒ කටයුතු නවතා පොඩි හාමුදුරුවරුන් 4- 5 ක්වත් හදන්න කටයුතු කරන ලෙසයි .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනුම් තේරුම් නැති කිරිසප්පයින් මහණ කිරීම නවත්තන්න. දරුවන්ට ලමා කාලය ගතකිරීමට අයිතිය තිබිය යුතුයි....
මහණ වෙන්න ඕන ජීවිතයේ යථාර්තය අවබෝධ කරගත්ත මිනිස්සු. අම්මල තාත්තලාගේ ආදරේ ලබන්න ඕන මේ පොඩි උන් මහණ කරලා ඇති වැඩක් තියෙනවද?
ඩොලර් කාක්කොයි එන්ජිඕ කාරයොයි මැරෙන්න හදන්නේ දරුවොන්ට ආදරේටද?. බුදු දහම පාගන්නද?. අනික් ආගම් ගැන මෙහෙම දැගලිලි නැහැ නෙ.
දරුවන් ගැන තියෙන අනුකම්පාවත් හරියට අර වෙන ආගම් වල බෙලි කපල සත්තු මරද්දි නොදන්න විදියට ඉදල පෙරහරේ යන අලි ඇතුන් ගැන කදුලු හෙලනවා වගෙයි., බෞද්ධ ආගමට අකුල් හෙලීම තමයි උවමනාව.
මාගල්කන්දලා කොයි තරම් සතුටු වෙයි ද?
මුලින්ම අදහස් දක්වා තියෙන දෙදෙනාම බුදු දහම නොපිළිගන්නා මාලිමාගේ දෙන්නෙක්ද කියලා සැකයක් ඇතිවුණා නාකිවෙලා මහන වුණාම ධර්මය ඉගෙනුම ලබන්න කාලයක් නැහැ බුදුහාමුදුරුවෝ අවුරුදු 45 ක් දේශනා කල ධර්මය අවුරුදු තිහේදි හතලිහේදි නැත්නම් විශ්‍රාම ගියාට පස්සෙ මහනවෙලා ඉගෙන ගන්න කොහොමවත් බැහැ දැන් පාසලේ දී දහම් අධ්‍යාපනය ලැබෙන්නේ සතියකට වැඩිම වුනොත් පැය එකක් තමයි උපකාරක පංති නිසා දරුවෝ දහම් පාසල් යන්නෙත් නැහැ ඒ හින්දා ආගම රැකෙන්න නම් දරුවො අඩු වයසේදි මහන කරන්න ඕන .
ලවුඩ්ස්පීකර් බෆල් කන් පැලෙන සද්දෙට දාලා අහල පහළ ගෙවල්වල මිනිස්සුන්ට කරදර නම් කරන්න එපා..