
(යොහාන් භාසුර)
ජාතික තලයට කලාකරුවන් රැසක් බිහිකළ ජාතික තරුණ සේවා සභාවේ මහනුවර බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය නැවත ඵලදායි ස්ථානයක් බවට පත්කිරීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ අවධානය යොමුවී තිබේ.
කලා කෙතට විශිෂ්ටයන් රැසක් බිහිකළ අග්‍රගණ්‍ය කලා නිකේතනයක්ව තිබූ බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය මේ වන විට විනාශයට පත්වෙමින් තිබේ.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ නිරීක්‍ෂණ සංචාරයක නිරතවෙමින් එය සංරක්‍ෂණය කිරීමට උපදෙස් දුන්හ.
චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, ප්‍රින්ස් උයද ප්‍රියන්ත, විජේබණ්ඩාර වැලිතුඩුව, චන්දන ලියනාරච්චි, ජයන්ත දිසානායක, චන්ද්‍රලේකා පෙරේරා, ෂර්ලි වෛජයන්ත සහ නිහාල් ගම්හේවා වැනි දක්ෂ සංගීතඥයින් විශාල සංඛ්‍යාවක් 80 දශකයේ සිට මේ දක්වා බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයෙන් බිහිවූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd