(ඉන්දිකා රාමනායක සහ මනෝප්‍රිය ගුණසේකර)
බීජ ලූණූ මුවාවෙන් ඉන්දියාවේ සිට යාත්‍රාවකින් මෙරටට රැගෙන එමින් තිබූ කේරළ ගංජා කිලෝ 235 මේ සමග පුද්ගලයන් දෙදෙනකු කල්පිටිය ප්‍රදේශයේ දී නවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇත .
සැකකරුවන් පැමිණි යාත්‍රාවේ තිබී බීජ ලූණූ කිලෝ 522 ක ප්‍රමාණය ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි .
සැකකරුවන් දෙදෙනා බීජ ලුණු ප්‍රවාහනය කරන මුවාවෙන් කේරල ගංජා ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත .
අත්අඩංගුවට ගත් කේරළ ගංජා වල වටිනා කම රුපියල් කෝටි 7 ට අධික බවද නාවික හමුදාව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd