
(ජයරත්න වික්‍රමාරච්චි)
ජාතික ජනබලවේගය පක්ෂය යටතේ පවතින කරුවලගස්වැව ප්‍රාදේශිය සභාවේ 2026 වර්ෂයට අදාළ අයවැය ලේඛනය විපක්ෂ මංත්‍රීවරුන් හතර දෙනකුගේ සහයෙන් වැඩි ඡන්ද 6කින් සභා සම්මත විය.
කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපති නීල් නවරත්න මහතාගේ (ජාතික ජනබලවේගය) ප්‍රධානත්වයෙන් මෙම සභා රැස්වීම අස එම සභාවේ රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.
එහිදී අයවැයට පක්ෂව විපක්ෂයේ සමගි ජලබලවේගය පක්ෂයේ සුගන්ධිකා චාන්දනී, ශ්‍රීලංකා පොදු ජනපෙරමුණ පක්ෂයේ අරුණ බුද්ධික,සර්ව ජනබලය පක්ෂයේ චමින්ද ජීවන් රත්නායක සහ ජනඅරගල පක්ෂයේ සුසන්ත සුජීව විජේසිංහ යන මහත්ම මහත්මීහු ඡන්ද ප්‍රකාශ කළහ.
කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ මුළු ආසන සංඛ්‍යාව 21කි. පාලක ජාතික ජනබලවේගයට සභිකධූර 9ක් ද සමගි ජනබලවේගයට සභිකධූර 4ක්, ශ්‍රීලංකා පොදුජන එක්සත් පෙරමුණට සභිකධූර 3ක්, ශ්‍රීලංකා පොදුජන පෙරමුණට සභිකධූර 2ක්, එක්සත් ජාතික පක්ෂයට සභිකධූර 1ක්, සර්වජනබල පක්ෂයට සභිකධූර 1ක් සහ ජනඅරගල සන්ධානයට සභිකධූර 1ක් වශයෙන් සම්පූර්ණ සභිකධූර 21ක් හිමිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රීන් බිලි බෑමේ වැදගත් ජාතික පුරුද්ද සිස්ටම් චේන්ජ් යටතේ ද හොඳින් ඉදිරියට ගෙන යන ජාතික ජන බලවේග සහෝදර සහෝදරියනට අපගේ විප්ලවීය ආචාරය!
විලිලැජ්ජාවක් නැති මාලිමා හයිනාවෝ විපක්ෂයේ ආය බිලිබාගනිමින් ඔවුන්ගේ සියලු දෙවල් සම්මත කරගැනීමේ තුච්ච නින්දිත ක්‍රියාවේ යෙදී සිටිති
ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා දායක වීමට පුළුවන් හොඳම ක්‍රමය තමයි ව්‍යාපෘති සම්මත කර ගැනීම සඳහා පක්ෂ බේදවලින් තොරව එකමුතුව කටයුතු කිරීම