
(නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා විවාහක රූ රැජිනට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියකට අදාළ ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි සහ නිරූපිකාවක් වන චූලා පද්මේන්ද්‍රන් යන අය සම්බන්ධයෙන් වන සිද්ධිය සමත මණ්ඩලයට යොමු කර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා කුරුදුවත්ත පොලිසියට අද (10) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව කුරුදුවත්ත පොලිසිය ඉදිරිපත් කර තිබූ පොදු දේපල පනතට වන චෝදනාව ඉවත් කර සාපරාධී බියගැන්වීම යන්න පමණක් ගොනු කිරීම හේතුවෙන් එය සමත විය හැකි චෝදනාවක් බව සදහන් කළ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
මෙම සිද්ධියට අදාළව සැකකාරියට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 314 සහ 846 වගන්ති ප්‍රකාරව නගා ඇති චෝදනා සමත විය හැකි බැවින් මෙය සමත මණ්ඩලයට යොමු කරන ලෙසට ද මෙහිදී කුරුදුවත්ත පොලීසිය අධිකරණයෙන් ඉල්ලීය.
2020 විවාහක රූ රැජින ලෙස කිරුළ පැළඳි පුෂ්පිකා ද සිල්වා මහත්මිගේ හිස රැඳි කිරුළ බලහත්කාරයෙන් ගලවා ඇගේ හිසට සුථ තුවාල කිරීම, බියගැන්වීම, බලපෑම් කිරීම සහ අභූත චෝදනා එල්ල කළැයි කුරුදුවත්ත පොලීසිය ඉකුත් අප්‍රේල් මස 08 වැනිදා අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර සිටි ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි සහ නිරූපිකාවක් වන චූලා පද්මේන්ද්‍රන් යන අය ඊයේ (10) අධිකරණය හමුවේ පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිස්සමෙන්, මෙයා එල්ලුම් ගහ බලලා එහෙම ඇවිල්ලා ඉන්නේ...!
අපෝ, මේවා තමයි විසඳන්න ඕනෑ ලොකුම ප්‍රශ්න ලංකාවේ... සුළු තුවාල නඩු.. සුළු තුවාල නෙවෙයි, මේවා නම් මහා විශාල තුවාල...
අපේ ආණ්ඩුව බලයට පත්වෙලා කරපු ලොකුම වැඩේ මේක මගෙ හිතේ.. ආ අමතක වුණා. මෙයා එල්ලුම් ගහ බලන්න ගිය එකත් ටිකක් ලොකුයි තමයි..