තරිඳු ජයවර්ධන
කර්මාන්ත හා වාණිජ අමාත්‍යවරයා භාවිත කරන වාහන සංඛ්‍යාව ගැන අවස්ථා තුනකදී එකිනෙකට වෙනස් පිළිතුරු තුනක් ලබා දුන්නේ ඇයිද යන්න ගැන සහ තොරතුරු නිලධාරියා යම් බලපෑමත් මත වෙනස් ප්‍රතිචාර ලබා දුන්නේද යන්න ගැන විමර්ශනයක් සිදු කර වාර්තාවක් ලබා දෙන ලෙස තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශයට නියෝග කර තිබේ.
කර්මාන්ත හා වාණිජ අමාත්‍යවරයා භාවිත කරන වාහන සංඛ්‍යාව 10ක් 05ක් සහ 03ක් ලෙස අවස්ථා තුනකදී පිළිතුරු තුනක් ලබා දීම සම්බන්ධයෙන් පැවැත්වෙන අභියාචනා විභාගයේ දී තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම සඳහා වන කොමිෂන් සභාව මෙම නියෝග කළේය.
ජනවාරි 29 වැනි දා හෝ ඊට පෙර විමර්ශනය පවත්වා වාර්තාව ලබා දෙන ලෙස නියෝග කර ඇති තොරතුරු කොමිෂන් සභාව එදින උදේ යළි තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස ද කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයාට නියෝග කළේය.
කර්මාන්ත හා වාණිජ අමාත්‍යවරයා භාවිත කරන වාහන සංඛ්‍යාව ගැන තොරතුරු දැන ගැනීමේ අයදුම්පතක් මගින් කළ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස එම සංඛ්‍යාව 10ක් බව පසුගිය අගෝස්තු මාසයේ දී ලබා දී තිබිණි. ඉන් පසු යළිත් වරක් එම සංඛ්‍යාව 05ක් ලෙස ලිපියක් නිකුත් කර තිබුණු අතර එම ලිපියට පසු තවත් ලිපියක් නිකුත් කරමින් එම වාහන සංඛ්‍යාව 03ක් ලෙස සදහන් කර තිබිණි.
තොරතුරු දැන ගැනීමේ පනතේ 39 වැනි වගන්තිය අනුව අසත්‍ය හෝ වෙනස් කරන ලද තොරතුරු ලබා දීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත්, තොරතුරු ලබා දෙන නිලධාරියකුට එම තොරතුරු ලබා දීම වළක්වන හෝ අවහිර කරන පුද්ගලයකුට වසර දෙකක බන්ධනාගාර ගත කිරීමක් හෝ රුපියල් පනස් දහසක දඩයක් හෝ නියම කිරීමට මහේස්ත්‍රාත්වරයකුට බලය ඇති බවත් තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව සිය නියෝගයේ දක්වා තිබේ.
තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ සභාපති මහින්ද ගම්මන්පිල, එහි සාමාජිකයන් වන ජ්‍යෙෂ්ඨ නීතීඥ ක්‍රිෂාලි පින්ටෝ ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ නීතීඥ එස් ජී පුංචිහේවා, ආචාර්ය සෙල්වි තිරුචන්ද්‍රන් සහ විනිසුරු රෝහිනී වල්ගම යන මහත්ම මහත්මීන් මෙම නියෝගය නිකුත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකම ඇමතියා වාහන 10ක එකවර යන්නේ කොහොමද කියලා මගේ ආච්චි අහනවා. මට එයාගේ ප්‍රශ්නෙට කට උත්තරත් නැතුව ගියා!
මේ කර්මාන්ත ඇමැතිත් හිටපු නිවාස ඇමති වගේ. බලනකොට සේරම එකයි.
කළබල වෙන්න කාරියක් නෑ... 19 අර්ථ නිරූපණය කරලා තියෙන්නේ එහෙම වෙන්න ඇති!