
(යොහාන් භාසුර)
ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන කාර්මික සංවර්ධනය පිළිබඳ දෙවන ආසියා පැසිපික් කලාපීය සමුළුවට සහභාගිවීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (08) දිවයිනෙන් පිටත්ව ගියේය.
මෙම සමුළුව ඉන්දුනීසියානු කර්මාන්ත අමාත්‍යංශය, එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධනය පිළිබඳ සංවිධානය එක්ව සංවිධානය කරන අතර එය මෙම මස 10 සහ 11 දෙදින ”තිරසාර කාර්මීකරණය සඳහා කර්මාන්ත කඩිනම් කිරීම” යන තේමාව යටතේ පැවැත්වේ.
ඉන්දුනීසියාවේ ජකර්තා නුවරට පැමිණි කර්මාන්ත අමාත්‍යවරයා ඇතුළු පිරිස එරට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා පිළිගත්තේය. ප්‍රධාන සමුළුවට සමගාමීව ආසියානු පැසිපික් කලාපීය රටවල කර්මාන්ත සංවර්ධනයේදී පැනනගින ගැටළු සහ අභියෝග පිළිබදව විශේෂ සාකච්ජා කිහිපයක් ද පැවැත්වීමට නියමිත අතර කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා එහිදී අදහස් දැක්වීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට වහගෙන ට්‍රිප් එකක් දීලා වගේ...
ඒකත් එහෙමද? පහුගිය දවස්වල නටපු නාඩගම්වල හැටියට අපි හිතුවේ අයින් වෙලාවත්ද කියලා. කතාටික කාටහරි කියලා ඉංග්‍රීසියෙන් ලියවාගන්න ඇති....
තව ටික කලයි එතකන් අපේ සල්ලි වලින් සැප ගනින්
වැඩ බැරි උනත් භාෂාව තියෙනවානම් හොඳටම ඇති නේද.?
අපි බයියන්ට කරලා දීපු දෙයි බයියෝ අපිට කරපු දෙයි හැටි.
හානේ මේ ඉන්නේ සන් කැටේ .පොඩ්ඩක් සද්ද දාපුවාම සමුළුවක් මවලා හරි දෙනවනේ දෙයියෝ .ඔහොම සද්ද දදා ඉන්න