(යොහාන් භාසුර)
රටතුළ පවතින කිරිපිටි හිඟය නිමවන දිනය සහ රටතුළ ණයවර ලිපි නිකුත් කිරීම සාමාන්‍ය තත්වයට පත්වන දිනය සමඟ සමානුපාතිකව පවතින බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
මෙම මස අග කිරිපිටි රැගත් නෞකාවක් කොළඹ වරායට ළගාවුවද කිරිපිටි හිඟය අවසන් නොවන බවත් ශ්‍රී ලංකාවේ කිරිපිටි අවශ්‍යතාවයෙන් වැඩි කොටසක් සපයන සමාගම ද සාමාන්‍ය ආනයන ප්‍රමාණයෙන් සියයට 50 ත් 60 ත් අතර ප්‍රමාණයක් පමණක් ආනයනය කරන බවත් එම නිලධාරියා කීය.
කිරිපිටි හිඟයට හේතුව කිරිපිටි ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කරගැනීමට ඩොලර් නොමැති වීම බව කී එම නිලධාරියා ශ්‍රී ලංකාවේ මසක කිරිපිටි අවශ්‍යතාවය ටොන් 6,000 ත් 7,000ත් අතර ප්‍රමාණය ආනයන කිරීමට ඩොලර් මිලියන 30 ක් පමණ අවශ්‍ය බව ද සඳහන් කළේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
‘කිරිපිටි හිඟයේ නිමාවක් නෑ‘
යෝගා Monday, 17 January 2022 05:24 PM
අනේ හොඳයි. මිනිස්සුන්ට පිලිකා මාරයාගෙන් අස්වැසිල්ලක් ලැබෙයි. ඔය ජරාව වෙනුවට අපේ දියර කිරි සෝයා කිරි බොනවලකො.
fairoos Monday, 17 January 2022 05:39 PM
අපේ සර් ඊළඟ අවුරුදු 3ට තම සහන වැඩපිළිවෙළවල් පටන් ගන්න ඉන්නේ.. පැණික් වෙන්න ඕනෑ නැහැ.
Sunil Monday, 17 January 2022 05:49 PM
අත දරුවන් සහ කුඩා දරුවන් කුසගින්නේ තබන රජයක්. වෙන මොනවා නැතත් දරුවන්ගේ කුසගිනි නිවිය යුතු නොවේද?