(යොහාන් භාසුර)
කිරිපිටි, තිරිඟු පිටි සහ සිමෙන්ති මිල ඉහළ දැමීමේදී අදාල ආනයනික සමාගම්වලට දැඩි කොන්දේසි පැනවූ බවත් ඒවා හුදෙක්ම පාරිභෝගිකයා ආරක්‍ෂාකරගැනීම සඳහා වන කොන්දේසි පමණක් බවත් පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය.
මිල ඉහළ දැමීමෙන් පසුව අඛණ්ඩව වෙළෙඳපොලට සැපයුම් කිරීම, දෛනිකව සැපයුම පාරිභෝගික අධිකාරියට වාර්තා කිරීම, මිල වැඩි කර මාස තුනක් යන තෙක් නැවත මිල වැඩි කිරීමට ඉල්ලීම් කිරීමට නොහැකි වීම සහ අදාල සමාගම්වල විදේශ මව් සමාගම් සමඟ සාකච්ඡා කර ඩොලර් ගෙවීමකින් තොරව මාස හයක් හෝ වසර කාලයක් සැපයුම ලබාගැනීම ආදි පාරිභෝගිකයා ආරක්‍ෂා කිරීමේ ගිවිසුමක් අස්සන් කළ බව කී එම නිලධාරියා පැසුවේ එසේ නොවුණ හොත් මිල වැඩිකිරීමෙන් පසුව ඩොලර් නොමැති යැයි පැවසිය හැකි බවත්ය.
ගෑස්වල මිල වැඩි කිරීමෙන් පසුවත් ඩොලර් නෑ කියන තත්වයක් මේ වන විට උද්ගත වී තිබෙන බවත් පාරිභෝගික කටයුතු අධිකාරියේ නීති අංශයේ උපදෙස් අනුව එම ගිවිසුම් සකස් කළ බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩගිනියි..!!!
ඔය කොන්දේසි සියල්ල සමාගම් වල කොන්දේසි වලට යටවෙනවා. සීනි, සහල් වලටත් වුනේ අන්තිමට එයම තමයි...
ෂා නියමයි..! කොහොමද අපේ සර්ගේ වැඩ..? බයියන්ට හොඳයි මේවා..!
ටිකිරි මොලේ...
නොකියා කියන්නේ තවත් මාස තුනකින් නැවත මිල වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න කියලා නේද?
මේ සමගම රජයෙන් දෙන කොන්දේසි මායිම් කරන්නේ නැහැ. මිල වැඩි කරන්න අවශ්‍ය වුනොත් හිඟයක් මවාපාලා මිල වැඩි කරනවා
මොනවද මේ බොරු කතා , බඩු වැඩි කරන්න අවසර දීලා මිනිස්සු අන්දනවා. හරි හරි ඔහොම යන්කො කවුද රැවටෙන්නෙ බලන්න.
එම කොන්දේසි කොම්පැනිකාරයින්ට අවශ්‍ය විදියට සකස් කරන නිසා තමයි ඊට විරුද්ධ එක් අධ්‍යක්ෂකවරයෙක් සේවයෙන් ඉල්ලා අස්වන තැනට පත්කර් තිබෙන්නෙ. කොන්දේසි අනුව මාස 3කට පසු නැවත මිල වැඩි කරන්න ඔවුන්ට ඉඩ ලබාදීල.