(සුජිත් හේවාජුලිගේ )

පසුගිය ආණ්ඩුව මෙන් රජය කරපු වැඩ පෙන්වා  අඬ බෙර ගසමින්   ගමන් නොකරන බවත් රජයට වැඩ කිරීමට තව කාලය තිබෙන බවත්  මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවසූවේ  ඊයේ (2) පැවැති කුරුණෑගල නව ප්‍රාදේශීය සභා නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේදීය.

රුපියල් කෝටි විසි එකකට වැඩි මුදලක් වැය කර මෙම ගොඩනැගිල්ල ඉතිරි කරනු ලැබ ඇත.

රටේ මොන තරම්  ප්‍රශ්න තිබුණත් ජනතාව සමග එකට හිටගෙන මේ තාවකාලික  අර්බුදවලින් ඉතා ඉක්මනින් ගොඩ ඒමට රජය කටයුතු කරන බවත්  ඔහු ප්‍රකාශ කළේය.

විපක්ෂය අහිංසක මිනිසුන් පාරට බස්සා ඔවුන්ගේ ජීවිත බිල්ලට දීමට කටයුතු කළ බවද අමාත්‍යවරයා  පැවසුවේය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ නායකත්වය යටතේ මේ රට හැදීමට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් මහින්ද රාජපක්ෂ  මහතා යුද්ධය ජය ගත්තා සේම  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කොවිඩ්  අර්බුදය ජයග්‍රහණය කළ බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.