
(ඩී.ජී. සුගතපාල)
කොරෝනා වෛරසය ආසාදිතවී මියයන ගාල්ල දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු භුමදානය සඳහා ස්ථාන හතරක් නම් කර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාටත්, ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයාටත් යැවු බව ගාල්ල දිස්ත්‍රික් මුස්ලිම් දේවස්ථාන භාරකරුවන්ගේ සංගමයේ සභාපති අල්හාජ් මොහොමඩ් සුහුරුද්දින් මහතා පවසයි.
ගාල්ල කටුගොඩ පුංචිවත්ත පල්ලිය පිහිටි ඉඩම, හාලිවල මුස්ලිම් පල්ලිය පිහිටි ඉඩම, නාවින්න මුස්ලිම් පල්ලිය පිහිටි ඉඩම සහ ඔසනගොඩ මුස්ලිම් පල්ලිය පිහිටි ඉඩම එම ස්ථාන හතර වේ.
මෙම ස්ථාන හතරම ජල උල්පත් නැති උස් බිම්වල පිහිටා ඇති බවත් එම නිසා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට කිසිදු බලපැමක් ඇති නොවන බවත් මෙම ස්ථානවලින් එකක් හෝ දෙකක් අනුමත කරනු ඇතැයි බලාපොරොත්තුවන බවත් මොහොමඩ් සුහුරුද්දින් මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දුප්පතා ගිලාබැහැලා මුහුදට යටවුණාද? අනේ මෙහෙමත් විකාර ආණ්ඩුවක්... කොයි පැත්තෙන් හිනාවෙන්නද කියලා හිතාගන්නවත් බැහැ.
ගාල්ලටත් අබ සරණයි. පණ නැති මළකුණ මොකටද වලලන්නේ.?
රට කරවන නායක තැන කවුරුන්ද..
දැන් මුස්ලිම් දේවස්ථාන භාරකරුවන්ගේ සංගමයද මිනී වලලන්න තැන් කියන්නේ? එතකොට අර කමිටුවක් දාගෙන බොරුවක්ද කරේ?
සම්පූර්ණයෙන් වැරදියි. මේ නම් කළ ස්ථාන සියල්ලේම භූගත ජල මට්ටම ඉතා ඉහළින් තිබෙන්නේ... හාල්වල සහ නාවින්නේ පල්ලිය අසලම සාමාන්‍ය පොළව මට්ටමට ජලය පිරුණු ළිං දැනටත් තිබෙනවා. ඒවායේ වතුර ගන්නේ පනිට්ටුවට ලණුවකවත් දාන්නේ නැතිව අතින්... කටුගොඩ ජල මට්ටම උඩින්ම තියෙන්නේ.
මිනී වැලලුවාට ගැටලුවක් නැත. ජලයෙන් බෝ නොවන බැවිනි. එසේ වුවද ජනතාවට කොලේ වසා මේ කරන කතා විහිළු සහගතයි.