IMG-LOGO

කොරෝනාවෙන් මියයන ගාල්ලේ මුස්ලිම් ජාතිකයන් භුමදානයට ස්ථාන හතරක්

(ඩී.ජී. සුගතපාල)

කොරෝනා වෛරසය ආසාදිතවී මියයන ගාල්ල දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු භුමදානය සඳහා ස්ථාන හතරක් නම් කර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාටත්, ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයාටත් යැවු බව ගාල්ල දිස්ත්‍රික් මුස්ලිම් දේවස්ථාන භාරකරුවන්ගේ සංගමයේ සභාපති අල්හාජ් මොහොමඩ් සුහුරුද්දින් මහතා පවසයි.

ගාල්ල කටුගොඩ පුංචිවත්ත පල්ලිය පිහිටි ඉඩම, හාලිවල මුස්ලිම් පල්ලිය පිහිටි ඉඩම, නාවින්න මුස්ලිම් පල්ලිය පිහිටි ඉඩම සහ ඔසනගොඩ මුස්ලිම් පල්ලිය පිහිටි ඉඩම එම ස්ථාන හතර වේ.

මෙම ස්ථාන හතරම ජල උල්පත් නැති උස් බිම්වල පිහිටා ඇති බවත් එම නිසා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට කිසිදු බලපැමක් ඇති නොවන බවත් මෙම ස්ථානවලින් එකක් හෝ දෙකක් අනුමත කරනු ඇතැයි බලාපොරොත්තුවන බවත් මොහොමඩ් සුහුරුද්දින් මහතා පවසයි.



අදහස් (7)

කොරෝනාවෙන් මියයන ගාල්ලේ මුස්ලිම් ජාතිකයන් භුමදානයට ස්ථාන හතරක්

Kasun Tuesday, 09 March 2021 03:15 PM

ඇයි දුප්පතා ගිලාබැහැලා මුහුදට යටවුණාද? අනේ මෙහෙමත් විකාර ආණ්ඩුවක්... කොයි පැත්තෙන් හිනාවෙන්නද කියලා හිතාගන්නවත් බැහැ.

:       7       37

Maddumage Tuesday, 09 March 2021 06:07 PM

ගාල්ලටත් අබ සරණයි. පණ නැති මළකුණ මොකටද වලලන්නේ.?

:       4       5

d.c gunathilakaFriday, 12 March 2021 11:08 AM

බෞද්ධ ඡන්දවලින් බලයට පත්වෙලා මුස්ලිම් ත්‍රස්තවාදීන්ට බයවෙලා කොරෝනා, මලමිනී භූමදානය කරන්න දෙන්නේ නැහැ කියලා ලංකාවේ භූමදානය කරන්න අවසරත් දුන්නා.

:       0       0

hesa Tuesday, 09 March 2021 07:42 PM

රට කරවන නායක තැන කවුරුන්ද..

:       0       6

WCA Wednesday, 10 March 2021 05:17 AM

දැන් මුස්ලිම් දේවස්ථාන භාරකරුවන්ගේ සංගමයද මිනී වලලන්න තැන් කියන්නේ? එතකොට අර කමිටුවක් දාගෙන බොරුවක්ද කරේ?

:       3       14

මුණසිංහ Wednesday, 10 March 2021 10:35 AM

සම්පූර්ණයෙන් වැරදියි. මේ නම් කළ ස්ථාන සියල්ලේම භූගත ජල මට්ටම ඉතා ඉහළින් තිබෙන්නේ... හාල්වල සහ නාවින්නේ පල්ලිය අසලම සාමාන්‍ය පොළව මට්ටමට ජලය පිරුණු ළිං දැනටත් තිබෙනවා. ඒවායේ වතුර ගන්නේ පනිට්ටුවට ලණුවකවත් දාන්නේ නැතිව අතින්... කටුගොඩ ජල මට්ටම උඩින්ම තියෙන්නේ.

:       2       8

සෙනෙවිරත්න Friday, 12 March 2021 01:12 PM

මිනී වැලලුවාට ගැටලුවක් නැත. ජලයෙන් බෝ නොවන බැවිනි. එසේ වුවද ජනතාවට කොලේ වසා මේ කරන කතා විහිළු සහගතයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 139 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 348 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 156 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site