
(නිමල කොඩිතුවක්කු)
කොරෝනා ව්‍යසනයට එරෙහිව "විපක්ෂයෙන් හුස්මක්" සමගි ජනබලවේගයේ සමාජ මෙහෙවර පිළිබඳව විශේෂ වැඩසටහනක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද විපක්ෂ නායක කාර්‍යාලයේදී ආරම්භ කෙරිණ.
කොරෝනා ව්‍යසනයෙන් අසරණව සිටින ජනතාව සුවපත් කිරීම උදෙසා මෙරට සෞඛ්‍ය සේවයට අත්‍යාවශ්‍ය වන සෞඛ්‍යමය රෝහල් උපකරණ හැකි පමණින් අදාළ රෝහල් වෙත පරිත්‍යාග කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ආරම්භ කළ "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහනේ අරමුණ වේ.
කොරෝනා ව්‍යසනය හමුවේ මීට පෙර ද අවස්ථා කිහිපයකදීම මෙවැනි රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමට තමන් ඇතුළු සමගි ජන බලවේගය කටයුතු කළ අතර එහි නව අදියර විපක්ෂයෙන් හුස්මක් වැඩපිළිවෙළ යටතේ ආරම්භ කෙරෙන බවත් එම අවස්ථාවේ දී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
පක්ෂ පාට භේද පසෙකලා කොවීඩ් වසංගතයෙන් ජන ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා තමන් ප්‍රමුඛ සමගි ජනබලවේගය කොන්දේසි විරහිතව පෙනී සිටින බවද විපක්ෂනායකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමන්ලා අද වනවිට බලයේ සිටියේ නම් මේ කොරෝනාව යුරෝපයේ තත්වයට පාලනය වී අද පවතින මර බයින් නිදහස් වී ඇති බව ජනතාවට පසක් වී හමාරයි. ඔබලා සිදුකරන මේ මහඟු කර්තව්‍යයට අපිත් පසු නොබලා සහාය දෙනවා. ඔබලාගේ රජයක් අවශ්‍යයයි. මිනිසුන් පාරට බහින දිනය වැඩි ඈතක නැත.
කොරෝනා සමග විපක්ෂයට හුස්මක් කියලා කිව්වා නම් නරකද? පහුගිය කාලේ ආණ්ඩු කරලා සෞඛ්‍ය යටිතල පහසුකම් හදලා දීලා තිබ්බා නම් දැන් ඔවා ඛෙද ඛෙදා යන්න ඔනේ නැහැ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දක්ෂතාවය විය යුත්තේ ඇමැතිවරුන් ආණ්ඩුවෙ රෝහලින් ප්‍රතිකාර ගැනීමයි. අන්න එදාට අපිට සෑහීමකට පත්වෙන්න පුළුවන්...
ඔබතුමා ඇමරිකාව සමග සම්බන්දතා ගොඩනගා ගෙන අැස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ 06ක් අරන් දෙන්න බලන්න.. ආරංචි වෙන විදිහට ඇමෙරිකාවේ අස්ට්‍රාසෙනිකා එන්නත් මිළියන ගණනක් තියනවා. ඒ එන්නතට ඇමරිකාවේ තවම අනුමැතිය දීලා නැහැ. එම නිසා ඔබතුමාගේ යුතුකම ඉටු කරන්න ජනතාව වෙනුවෙන්..
අපේරට ගොඩගැනීමේදී SP... කෙසේ වෙතත් SF ඉන්න නිසා මෙයට එකඟ වෙමි...
දැන් බලාගන්න පුළුවනි අර යාලු ප්‍රජාව ආදරේ ලංකාවේ මිනිස්සුන්ටද නැතිනම් විපක්ෂයටද කියලා..?
මේක ජාතියට බලපාන වුවදුරක්... පක්ෂ, පාට, පුද්ගලික න්‍යාය පත්‍ර අමතක කරලා මඩගසා ගැනීම් නවතලා ජනතාව වෙනුවෙන් හැමෝම පෙනීසිටිමු. හොද වැඩක් කළොත් ඒකෙ පින ලැබෙනවා.
වැඩේ නම් ඉතාමත්ම හොඳයි. එ්ත් ඉතින් මෙයාගේ තියෙන "ගොන් පාට් කැටයම් කලාව" තමයි ගැටලුව. ඇත්තෙන්ම අවංකව වැඩකරන මිනිසා නිශ්ශබ්දව තම වැඩකටයුතු කරයි යන පැරණි කියමන මේ ගොයියාට නම් අදාළ නැත. බෙහෙත් පෙත්තක් දුන්නත් "නාලිකාල" සියල්ලෝටම එන්න කියලා "වාතය වෙඩිල්ල" කරලා රගන සජි පුතාට මෙය කියවීමට හැකි වේවා....
අනේ අනේ කන්න දුන් අත නේද මේ හපා කන්න හදන්නෙ. අපි මෙච්චර කල් දැක්කේ කොරෝනාවෙන් විපක්ෂයට හුස්මක්.
හොද වැඩක්...
මෙච්චර දවස් කොරෝනාවලින් ගොඩයන්න හදපු හැටි රටම දැක්කා. හැමදාම බැලුවේ කොරෝනාවලට ගෙනියන සටන ගැන බොරු පතුරලා රටේ මිනිස්සු මැරෙන්න දීලා ඒකෙන් ගොඩයන්න. ඒක හරිගියේ නෑ. දැන් හොද මූනෙන් මිනිස්සු රවට්ටන්න එනවා. චීන එන්නත ගේනකොට බොරු පැතිරුවා. ඒක හොද නෑ කියලා. කොවිශීල්ඩ් එන්නත ඉන්දියාවෙන් ගේනකොට කිව්වා ඉන්දියාවෙන් අත්හදා බලන්න එවන්නේ කියලා... අපේ රටට.ඒ ඔක්කොම පස්සේ බොරු කියලා මිනිස්සු තේරුම් ගත්තා. වෙන කිසිම රටක විපක්ශයක් කොරෝනාවලින් දේශපාලනය කරේ නෑ....