
(විමුක්ති එස් රුද්‍රිගු)
වයඹ පළාත් ආණ්ඩුකාර හිටපු නාවික හමුදා ප්‍රධානී වසන්ත කරන්නාගොඩ මහතාට ඇමෙරිකා එක්සත් ජනපදය සම්බාධක පනවා ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් මහතා ප්‍රකාශ කර ඇත.
වසන්ත කරන්නාගොඩ මහතාට සහ ශ්‍රීමතී අශෝකා කරන්නාගොඩ මහත්මියට ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුලුවීම සම්බාධක මගින් වළකා තිබේ.මානව හිමිකම් උල්ලංඝනය කිරීම හේතුවෙන් වසන්ත කරන්නාගොඩ මහතාට ඇමෙරිකා එක්සත් ජනපදය සම්බාධක පනවා ඇත.
රාජ්‍ය නොවන සංවිධාන සහ ස්වාධීන පරීක්ෂණ මගින් මානව හිමිකම් කඩකිරීම පිළිබඳ බරපතල චෝදනා වසන්ත කරන්නාගොඩ මහතාට එල්ල වී ඇති බවත් වසන්ත කරන්නාගොඩ මහතාට සහ ශ්‍රීමතී අශෝකා කරන්නාගොඩ මහත්මිය ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුලුවීමට ඒ හේතුවෙන් අවස්ථාව නොලැබෙනු ඇති බවත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් මහතා ප්‍රකාශ කර ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදය මානව හිමිකම් උල්ලංඝනය කරන්නන්ට ඇති දණ්ඩමුක්තිය අවසන් කරමින් මානව හිමිකම් ආරක්ෂා කිරීමට සිය කැපවීම යලි තහවුරු කරන බව බ්ලින්කන් මහතා පවසා ඇත. එසේම මානව හිමිකම් කඩවීමට ලක් වූවන්ගේ වේදනාවන් අවබෝධ කර ගනිමින් මානව හිමිකම් කඩකළ පුද්ගලයන්ට එහි වගකීම ලබා දීම සඳහා වගවීම ප්‍රවර්ධනය කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය කැපවී සිටින බව බ්ලින්කන් මහතා නැවත වරක් අවධාරණය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමරිකාව එක්ක අපිට එකග වෙන්න බැරි උනාට මෙයාට තියෙන චොදනා බරපතල බව අපි දන්නවා, එ නිසා සුදුසු දඩුවමක් අනාගතයෙදි ලැබෙනු ඇත.
කල කල දේ පල පල දේ.
කප්පමුත් අරන් ළමයිනුත් මැරුව නඩුවට මොකද වුනේ…?
ගොබ්බ ඇමරිකාවට යන්න ඕනේ නැහැයි මහත්තයෝ .චීනයට යන්න
අපිට පාන්ද? කවුද බලෙන් යන්නේ?
මේගොල්ලො හැම දෙයක්ම කලේ රන් ගොජාගෙ ආරක්ෂාව යටතේ . මේ අය හිතුවෙ තමන්ට හැමදාම බලය තියෙනව කියල
ඇමෙරිකාවට යන්න අවශ්‍ය නෑනෙ. ඒ සම්බාධක එයාලා දාන්නෙ කොටින්ව හුරතල් කරන්න.
මේ රටේ දේශපාලනය හෙංචයියන් හැටියට පාලකයන්ගේ දෙපා ලොවා ඕන දෙයක් කලහැකි උනාට වෙන රටවල මේ අය පයට පෑගෙන දූවිලි තරමට වත් ගනන් ගන්නෙ නෑ
ඇමරිකාවෙ හැම තැනම වෙඩි තිය තිය මිනිස්සු මරනව. ළොකෙ ජිවත් වෙන්න බයානකම රටෙ රාජ්‍යය ලෙකම් බයිල ගහනව.
ඇමෙරිකාව ගැන කියන්න තියෙන්නේ "රටට පරකාසේ - ගෙදරට මරගාතේ" කියලා තමයි. බොහොම ප්‍රදේශ වල මිනිස්සු පාරේ යන්නෙත් ආයුධ අරගෙන. පාසැල් වල අහිංසක දරුවන් එක පාරට දහය පහලොව මරන්නේ. කැලිපෝනියා වාගේ ප්‍රදේශ වල බොහෝ මිනිස්සු ගෑනු නිදියන්නෙත් අනිත් හැමදේම කරන්නෙත් පාරේ. ගිහින් බැලුවාම තමයි ඇත්ත තෙරෙන්නේ.
ඇමරිකන් කාරයෝ ලෝකේ පුරාම සිවිල් යුද්ධ ඇතිකරන කාලකන්නි ටිකක්
මගුලක් කතාකරනවා .අපිට ඇමරිකාවේ නෙමෙයි කොළඹ යාගන්නවත් සල්ලි නැතුව ඉන්නේ .සැප ගන්නම තමා මුන් ඉපදිලා තියෙන්නේ .පොලවේ පය ගහලා ජීවත් වෙයල්ලා
ලංකාවේ උපන් රණවිරුවෙක් වන වසන්ත කරන්නාගොඩ මහතාට ,ඇමරිකාවට යන්න තියන උවමනාව මොකක්ද/මේක එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාව සුරතල් කිරීමක්
ඒක දිවය ලෝකයක් නෙමේනේ