(තරිඳු ජයවර්ධන)
පැය අටක පමණ කාලයක් පුරා ප්‍රකාශ ලබාදීමෙන් පසු හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය.
උදෑසන 9.00 සිට සවස 5.00 පමණ වන තෙක් ඒ මහතාගෙන් ප්‍රකාශ සටහන් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.
වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඒ මහතා බදාදා (13) යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ඒ මහතා සැකකරුවකු ලෙස නම් කිරීමට ප්‍රමාණවත් සාක්කි ඇතැයි මීට පෙර රහස් පොලිසිය අධිකරණයට දන්වා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධනවත් ද්‍රවිඩ තරුණ සිසුන්ව පැහැරගෙන ගොස් දෙමව්පියන්ගෙන් කප්පම් ගත් ඒ හමුදා ත්‍රස්ත කල්ලියටත් ස්වභාව ධර්මයෙන්ම දඬුවම් ලැබෙන දවස වැඩි ඈතක නැහැ.
දැන් සියළු මිනිස්සුම නිදහස භුක්ති විඳිනවා ඔවුන් විසින් කරන ලද කැපකිරීම් නිසා, තමන්ට පාඩු උනත් ඔවුන් ගත් අවදානම් තීරණ නිසා. ඔවුන්ගේ අභිලාෂය (බහුතරය) ත්‍රස්තවාදය පරාජය කිරීම, යුද්ධය ජය ගැනිම විය. එසේ කරද්දී සමහර අය යුද්ධයෙන් ජීවිත පරිත්‍යාග කළා, තවත් අයට දේශපාලන උපක්‍රම නිසා තමන්ගේ නිදහස අතහැරමට සිදු විය. ඔවුන් ආත්මාර්ථකාමී වූවා නම් කිසිදු ගැටලුවකින් තොරව සියලු වරප්‍රසාද භුක්ති විඳීමට ඔවුන්ටද හැකි වෙනව.
කවුරුන් හෝ අනුන්ගේ දරුවන්ගේ ජීවිත උගසට තියාගෙන තමන්ගේ දරුවන්ගේ බඩ කට පුරවනවා නම් ඒක සහගහන අපරාධයක්. ඒ තරුණයින් වැරද්දක් කළා නම් එම වරද අනාවරණය කොට දඬුවම් ලබාදීම වෙනුවට,කප්පම් ලබා ගැනීම අපට නම් කොහෙත්ම අනුමත කරන්න බැහැ තමන්ගේ දරුවන් ගැන තියන කැක්කුම අනුන්ගේ දරුවන් කෙරෙහි නොමැතිකම තමයි හේතුව.අපේ ජාතිය, කියලා කවුරුන් හෝ ඒ වැරැද්ද සාධාරනීකරණය කරනවා නම් එකත් බරපතල වැරද්දක්.
අමු අමුවේ සියලුම දූෂණයන් කරන දියවන්නාවේ හා පළාත් හා සුලු දේශපාලනය කරන අයට කිසිම දඩුවමක් නෑ. රටට සේවයක් කරා කියලා හිතාගෙන ඉන්න මිනිසුන් වැරදි කාරයෝ වෙලා. මොන රටක්ද මේක. කොසොල් රජ්ජුරුවන්ගේ හීන සැබෑ වෙන ලකුණු පෙනේ.
මේක මේ දවස් වලම වෙන්නෙ ඇයි?
මෙය කවදා නතර කරාවිද
ඔබ බොහොම හරි .....ඒ පට්ටිය අපරාද කරන්නේ මුළු රටටමයි .... .යුද්දය ජය ගත් අතීත ත්‍රිවිද හමුදාවට චෝදනා කිරීමෙන් වැළකිය යුතුය
මම කැට තියල කියන්නම්, මුලින්ම අදහස් පලකොට ඇති බද්රානි ගේ අදහසට මෙම ලිපිය කියෙව්වටත් වඩා අකමැත්ත පල කොට තිබෙන අය මේ මහා පොළොවේ පය තියන්න දරුවෙක් වත් ජාතක කල අය නොවන බව පැහැදිලියි. තමන්ගේම දරුවෝ මේ ලෝකෙට ජාතක කල අය හිතන්නේ වෙනස් විදිහකට? ප්‍රශ්නේ තියෙන්නේ එතනයි ?