(අතුල බණ්ඩාර)
අනුරාධපුර නගරයේ ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක නිරෝධායනය වෙමින් සිටියදී කොරෝනා ආසාදිත ඉන්දීය ජාතිකයකු ප්‍රතිකාර සඳහා කැබිතිගොල්ලෑව මුලික රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
මේ ගැන කළ විමසීමේදී අනුරාධපුර මහා නගර සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයම්පත් බණ්ඩාර මහතා සඳහන් කළේ 27 හැවිරිදි මෙම ඉන්දීය ජාතිකයා දින අටකට පෙර මෙරටට පැමිණ සංචාරක හෝටලයේ නිරෝධායනය වෙමින් සිටි අයකු බවයි.
කොරෝනා රෝගයට ගොදුරු වූ තවත් ඉන්දීය ජාතිකයකු කැබිතිගොල්ලෑව මූලික රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් ඔවුන්ගෙන් තමන්ට ඉන්දියා වයිරසය ආසාදනය වනු ඇති බවට එහි ප්‍රතිකාර ලබන සෙසු කොරෝනා රෝගීහු බිය පළ කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය, ශ්‍රී ලංකා, එංගලන්ත, ඇමරිකන් චීන කියලා වෙනසක් නැහැ... ඔක්කෝම Covid 19 මේ එකකටවත් බෙහෙත් නැහැ. නිරෝධායනය පමණයි. හුස්ම ගන්න බැරිවුනොත් ඔක්සිජන් දෙනවා. අපි පරිස්සමෙන් සිටිය යුතුයි .
මෙවැනි දෙයින් සිදුවන්නේ එක් ඇඳක් හෝ රටේ මිනිසුන්ට අහිමි වීමයි...
ඔය ඉන්දියාවෙන් සංචාරකයන් මොන කෙහෙල්මලකට ලංකාවට ගෙනාවද මන්දා? දුර දක්නා මනුස්සයෙක් මුල් පුටුවේ නැති වුණාම වෙන වැරැද්ද .
කවුද මේවා කරන්නෙ? ඉන්දියාවේ කට්ටිය නිරෝධායනයට ලංකාවට ගෙන්වන්නේ? ඩොලර් 690කට රට අනතුරට දමන ව්‍යාපාරිකයො. ආණ්ඩුව මේ ගැන පැහැදිලි කළ යූතුය.
කොරෝනා බිස්නස් කරන්න ගිහින්, නිරෝධායන මධ්‍යස්ථානයක් කරන්න ගිහින් රටටම ලෙඩෙ බෝ කළා...
ඉන්දියාව වගේ ලංකාවත් කරන්නද හදන්නේ? ඇයි මේ ඉන්දියාවේ මිනිස්සු මෙහෙ ගෙනත් දාගෙන නිරෝධායනය කරන්නේ?