ජර්මනිය තුළ කොරෝනා වෛරසය පැතිරීම මේ වන විට පාලනය කර ඇති බවත් එය කළමනාකරණය කළ හැකි මට්ටමට පත්කර ගෙන ඇති බවත් එරට සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පෑන් මහතා පවසයි.
ඔහු සඳහන් කරන්නේ රෝගයෙන් සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව වෛරසය ආසාදිත නව රෝගීන් සංඛ්‍යාවට වඩා මෑතකදී අඛණ්ඩව ඉහළ ගොස් ඇති බවයි.
අගුලු දැමීමේ සීමාවල සාර්ථකත්වය මීට හේතුවී ඇතැයි ද ඔහු පැවසීය.
ජර්මනියේ රෝග පාලනය පිළිිබඳ නියෝජිතායතනය හඳුනාගෙන ඇති පරිදි වෛරසය ආසාදනය වීමේ ප්‍රතිශතය දශම හත දක්වා පහත බැස තිබේ.
සංඛ්‍යාත්මකව එහි අර්ථය වන්නේ වෛරසය ආසාදිත එක් එක් පුද්ගලයා වෙතින් වෛරසය අලුතින් ආසාදය වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව එකට අඩු බවයි.
කෙසේ වෙතත් වෛරසය ආසාදිත සෞඛ්‍ය සේවකයින්ගේ සංඛ්‍යාව මෙන්ම වෛරසය හේතුවෙන් මරණයට පත්වන සංඛ්‍යාව තවමත් ඉහළ යමින් පවතී.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යා ලේඛන අනුව ජර්මනියෙන් මේ විට හඳුනාගෙන ඇති කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 138,000 කට අධිකය.
වෛරසය හේතුවෙන් සිදුවී ඇති මරණ සංඛ්‍යාව 3,868 ක් වන අතර එය වෙනත් රටවලට සාපේක්ෂව අඩු අගයකි.
(බීබීසී ඇසුරෙනි)
-226-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජර්මනියේ විතරක් මරණ 1% ටත් වඩා අඩු ඇයි?
ජර්මනියේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ
ඇත්ත වශයෙන්ම ලංකාවේ දී කොරෝනා මර්දනය සදහා ගෙන ඇති ක්‍රමවේදය ඉතාමත් ප්රරශන්සනීය. ක්ෂ්යනික තීරණ ගෙන ඉතාමත් කැපවීමෙන් තම රාඡකාරිය ඉටුකළ සිටලුදෙනාගේම දායකත්වය නිසා වෛරසය පැතිරීම සීමා කොට මරණ සංඛ්‍යාව අවම තත්වයෙන් පවක්වා ගැනීමට හැකිවු අතර මේ සියලුම සේවා නොමිලයේම ලබා දෙනු ලබයි.
රෙදිකඩ, ලීබඩු සාප්පු, රෙස්ටුවරන්ට් වසා ඇත. ජර්මනියේ සුපර් මාර්කට් , ෆාමසි සාමාන්‍ය විදිහට විවෘත කරලා තිබෙනවා. එක පුද්ගලයෙකුට තනියම ගිහින් බඩු අරගෙන එන්න පුළුවන් සුපර් මාකට් ගිහින්. එකවර ඇතුල් කරගන්නේ සීමිත පිරිසකි. එම නිසා එහි තදබදයක් නැහැ. ඇදිරිනීතිය ඉවත් කරහම ලංකාවේ සිදුවන පරිදි තදබදයක් මෙහි සිදු වෙන්නේ නැහැ. සේවකයන්ගේ වැටුපෙන් 60 රජයෙන් ගෙවනවා.ඒවා ගන්න ග්‍රාමසේවක හමුවන්න යන්න අවශ්‍ය නැහැ.මාසේ අන්තිමට සේවා යෝජකයා විසින් ඒවා ගිණුමට බර කරනවා.බැංකු වහලා තිබුනත් ප්‍රශ්නයක් නැහැ.බැංකු කටයුතු බොහොමයක් සිදුවන්නේ අන්තර්ජාලයෙන්. කෙනෙක්ට කැමති වෙලාවක ගිහින් කාර්ඩ් එකෙන් ආසන්නයේම තිබෙන ටේලර් මැෂින් එකෙන් සල්ලි ගන්න ඉඩ දීල තිබෙනවා. මේ පියවර නිසා මෙහෙ ලොකු පෝලිම් තද බද නැහැ. මෙහෙ මිනිස්සුට ගමේ ගෙවල් ගානේ යමින් ඔපදුප කතාකිරීමේ පුරුද්දක් නැහැ. කොරෝනා පැතිරීමට හේතුව මේකයි. ලංකාවෙත් අවධානම් අඩු ප්‍රදේශ වලට ඇදිරිනීතිය ලිහිල් කර මෙවැනි ක්‍රියාදාමයක් අනුගමනය කිරීම හොඳ බව මගේ අදහසයි.
බණ්ඩා මේ රටට ඇවිල්ලනම් යන්නකෝ ජර්මනියට. මේ රටටනම් ඔය වගේ අය ඕනේ නෑ.
ලෝක වාර්තාව නන්දසේනට මිස් උනා එහෙනම්...