(සුජිත් හේවාජූලිගේ)
විදේශීය කොරෝනා විකෘති වයිරස ප්‍රභේද ආසාදනය වූ තවත් 12 දෙනකු මෙරටින් අලුතින් හමුවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මික ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.
දකුණු අප්‍රිකාවේ විකෘති වයිරස ප්‍රභේදය (බී 351) ආසාදනය වූ දෙදෙනෙක් ද, බ්‍රිතාන්‍යයේ විකෘති වයිරස් ප්‍රභේදය (බී117) හත් දෙනෙක් ද, සෙන්මාර්ක්ස් විකෘති වයිරස ප්‍රභේදය (බී428 ආදානය වූ තිදෙනෙක් ද ඇතුළත් වෙති.
දකුණු අප්‍රිකා විකෘති කොරෝනා වයිරස් ප්‍රභේදය ආසාදනය වූ දෙදෙනා හා බ්‍රිතාන්‍ය විකෘති ප්‍රභේදය ආසාදනය වූ හත් දෙනාගෙන් හය දෙනකු හමුවී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලින් යැයි ද ජීවන්දර මහතා කියයි.
මෙම විකෘති වයිරස ප්‍රභේද ආසාදනය වූ 12 දෙනා වෙන් කර නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd