(සුජිත් හේවාජූලිගේ)
අයි.ඩී.එච්.රෝහලේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව හරි අඩකින් පමණ අඩු වී ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසයි.
කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන දිවයිනේ ප්‍රධාන රෝහල ලෙස ක්‍රියාත්මක වන්නේ අයි.ඩී.එච්. රෝහලයි.
කොරෝනා ආසාදිතයන් දෙසීයකට වැඩි පිරිසක් අයි.ඩී.එච්. රෝහලේ මෙයට පෙර ප්‍රතිකාර ගත් බව කී රෝහල් අධ්‍යක්ෂවරයා එම රෝගීන් සංඛ්‍යාව මේ වන විට සියයකට ආසන් සංඛ්‍යාවක් දක්වා පහත බැස ඇතැයි ද ප්‍රකාශ කළේය.
රෝහලේ සියලුම වාට්ටු පසුගිය කාලයේ එක්තරා අවස්ථාවක සම්පූර්ණයෙන්ම පිරී පැවැතුණ බව ද අත්තනායක මහතා පවසයි.
එන්නත් කරණයත් සමගම කොරෝනා රෝග ව්‍යාත්තිය පහත බැසීමට රෝගීන් සංඛ්‍යාව අඩුවීමට බලපෑ ප්‍රධාන හේතුව බවත් රෝගීන් සංඛ්‍යාව මෙලෙස අඩුවී ඇතත් ඕනෑම අවදානමකට මුහුණදීමට රෝහල් පහසුකම් සූදානම් බවත් එහි නිලධාරීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍ය වශයෙන්ම රෝගීන් සඛ්‍යාව අඩුවෙනවා නම්, ඒක අපි හැමෝටම සතුටුදායක ආරංචියක්. නමුත් පීසීආර් පරීක්ෂණ 90% අඩු කරලා ඉතුරු 10% න් ලැබෙන සංඛ්‍යාව මෙය නම්, එතැන ගැටලුවක් තියෙනවා.