(රංජන් කස්තුරි)
කොරෝනා ආසාදිතයින් දිනකට 2000කට ආසන්න සංඛ්‍යාවක් අලුතින් හඳුනාගැනීමත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව අධික වීමත් නිසා එය මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි කොළඹ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
එම නිසා සියලුම රට වැසියන් ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බවද සියල්ල සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් සිදු කළ නොහැකි බව ද සුදත් සමරවීර මහතා කීය.
රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින කොළඹ රෝගීන්ගේ සංඛ්‍යාව 17,000 ආසන්නයි. රෝගීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. දිනකට 2,000 ආසන්න තවත් රෝගීන් හමුවනවා මේ තත්ත්වය සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිස්ටර් ඔහෙට දැන්ද ඕව මතක් වුණේ? ජාතියේ අවාසනාවට පහළ වූ අය...
හැමදේම වෙනකල් බලාගෙන ඉඳලා දැන් මිනිස්සු පිටින් දාන්න එපා. දැක්කනේ එක්කනෙක් දාන සංචරණ සීමා දේසපාලකයෙක් අයින් කරනවා. මේ වගේ කොන්ද පණ නැති අයම ඇයි මේ වගේ වගකිවයුතු අංශවලට පත්කරලා ඉන්නේ...?
ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ඉන්නේ කොහේද?
ගෝඨාභය අපේ ජනපති නම්, තත්පරයකින් මුලින් උපුටා දමනු ඇත...
බොරුවට සෙම ලෙඩ්ඩු ඔක්කොම අල්ලන් ගෙනැල්ලා දැන් බොරුවට කියනවා රෝහල් පිරිලා කියලා... ඊට පස්සේ අමාරු ලෙඩෙක් ආපුවාම හරවලා යවනවා. මැරුණාම කොරෝනා ලේබල් එක ගහලා ගොඩවැඩිකරලා කියවනවා. කවුද චෙක්කරලා බැලුවේ PCR යන්ත්‍ර ඇතුලේ මොනවද වෙන්නේ කියලා..? නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ...
මහ එකාට කියපල්ලා... අපි ඕක මුල ඉඳන්ම දන්නවා. එහෙම නැතිනම් චීනයේ අගමැතිට කියලා බලමු. එතකොට ලණුවක් ඇද්ද ගමන් ඇක්ෂන් ගනීවි..
කණා මුට්ටි බිදිමද?
හැමදාම මිනිස්සුන්ට වැරැද්ද පටවලා ඇග බේරගන්නවා ඉන්දියාව වගේ තත්වයකට ආවම කියයි සමාජ ව්‍යාප්තියක් නැ කියලා
සතියක්වත් රට වසා දැමීමට කටයුතු කරන්න. ඉස්පිරිතාලවල අරන් ගියේ නැති කොරෝනා හැදිචච අය ගෙවල්වල ඉන්නවා. මිනිස්සුන්ට ගෙවල්වල මැරෙන්න වෙන්නේ. ආර්ථිකය හදන්න මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕනේ. අලුත් ගොඩනැගිලි හැදුවට දොස්තරලා, නර්ස්ලා මානව සම්පත් සීමිතයි. සතියක්වත් රට වහන්න කටයුතු කරන්න.
තාම සමාජ ව්‍යාප්තියක් නෑ නේද..? මම හිතන්නෙ රජය අපහසුතාවයට පත් කරන්න කියන බොරුද කොහෙද...?
තවම සමාජගතවෙලා නැතිව ඇති...
සමාජයේ පැතිරීමක් නෑ කියපු කෙනා, දැන් ඇඟ බේරා ගන්න දඟලනවා.
අනේ වසංගත මහත්තයෝ, ඔයා කොරෝනා සමාජගතවෙලා නෑ කියලා රට කෑවා. මේ හැමදේටම ඔයා තමයි වග කියන්න ඕන මපට් මහත්තයෝ!
රෝහල් සූදානම් කරන්නේ, එන්නත් ගෙන්වන්නේ නැතිව ඡන්ද තබමින්, මුට්ටි ගගේ දමමින් ධම්මික පැණි බොමින් අවුරුද්දකට වැඩි කාලයක් පිස්සු නැටුවා. නිරෝධායන මාෆියාවක් හදාගෙන පිස්සු නැටුවා. දැන්ද මතක් වුණේ...?
ඉදිරිය දකින්න බැරි ඔබතුමා වගේ අය තනතුරු වලට ගියාම ඔය වගේ ඉලක්කම් කියව කියව ඉන්න පුලුවනි. දැන් හොස්පිටල් හදන්න මහජනතාව වන අපිටද කියන්නෙ. මිනිසුන් එකෙක් මැරුනත් සියයක් මැරුනත් ඒ පාඩුව පියවන්න බැරි බව තේරුම් ගන්න තුරු රෝගය බෝ වීම වලක්වන්න බැහැ. ලංකාවෙ මිනිස්සු බොහොමයක් හිතලා වැඩ කරන්නේ නැහැ එනිසා සංචරනය නැවැත්විය යුතුයි. ඊට පස්සෙ රෝගීන් පිලිබදව සොයා නිසි කලමනාකරනයක් කරන්න. දේශපාලන තීරණ නොව මිනිසුන් ගැන සිතා තීරණ ගන්න.
මෙච්චර කල් මොනවද කෙරුවේ? දැනුයි ඇස් ඇරලා තියෙන්නේ? නිසි කළමනාකරණයක් නැතිකම. මේවට තමුන්ලා වග කියන්ඩ ඕනෑ.