(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කොරෝනා තත්ත්වය යටතේ රාජ්‍ය සේවයේ වැටුප්  ගෙවන්නෙත් අමාරුවෙන් යැයි පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එය හංගන්න දෙයක් නැතැයි ද මේ තත්ත්වය යටතේ ආර්ථික අර්බුදයක් නැතැයි කියන්නේ නම් එය විහිළුවක් යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා(සජබ) යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මේ බව සඳහන් කළේය.