(අජන්ත කුමාර අඟලකඩ)
කොරෝනා වසංගත තත්ත්වය බලපෑ කාලසීමාවේදී සහන සලසන ලෙස දුන් නියෝග ඇතැම් රාජ්‍ය හා පෞද්ගලික වාණිජ බැංකුවලින් ක්‍රියාත්මක කර නොමැති බවට අද (10) කැබිනට් රැස්වීමේදී විවේචන එල්ල වී ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදේ පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන් කිහිපදෙනකු මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.
ඇමතිවරුන් වන දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ විමල් වීරවංශ යන මහත්වරුන් ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් දක්වා ඇත.
එහිදි අදහස් දක්වා ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහ බැංකුවෙන් මේ සම්බන්ධයෙන් දී ඇති උපදෙස් ඇතැම් වාණිජ බැංකුවලින් ක්‍රියාත්මක කර නැති බව තමාට ද පැමිණිලි ලැබී ඇති බව ප්‍රකාශ කර ඇත.
මේ ගැන සොයාබලා පියවරක් ගන්නා බව ජනාධිපතිවරයා එහිදි ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැංකු තියෙන්නේ දෙන්නම් කාසිවලට වැඩකරන ආයතන නොවේ කියලා තේරුම් ගන්න මොළ නැති අය ඉන්නවා කියලා කෝවිඩ් අපිට කියලා දුන්නා..
ඕක ප්‍රමාද කරන්නේ මහ බැංකුව මිසක් රාජ්‍ය හා පෞද්ගලික වාණිජ බැංකුවලින් නෙමේ. මම ඉන්න ආයතන සමූහයේ ආයතන 6කට ලංකා බැංකුව අනුමත කළත් තාම මහබැංකුව අනුමත කර ඇත්තේ එක ආයතනයක් සඳහා පමණි..
මේ කතාව ඇත්ත... සමහර පුද්ගලික බැංකු මේක හරියට කළත් රාජ්‍ය බැංකුවලින් තමයි මේක කළේ නැත්තේ...
කතාව ඇත්ත. ආණ්ඩුව එකක් කියනවා. බැංකු එකක් කියනවා.. පොඩි ව්‍යාපාරිකයෝ පණ අදිනවා..
මෙයාලගේ වැඩ තනිකර ඡන්ද ගුණ්ඩු....