(සුජිත් හේවාජුලිගේ)

කොවිඩ් 19 වයිරසය  මැඩපැවැත්වීම සඳහා ලෝකයේ  රටවල් ගණනාවක්  භාවිත කරන ”මොල්නුපිරවීර්” කරල මෙරටට ගෙන්වීම තවදුරටත් ප්‍රමාද  කිරීමට තීරණය කර ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

එම කරලේ  ඵලදායිතාව සියයට හැත්තෑවේ සිට සියයට 30 දක්වා අඩු වීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවද හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව යළිත් ඒ පිළිබඳ අධ්‍යයනය කරන්නැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තාක්ෂණික කමිටුවට දැනුම්  දුන් බව  පැවසූ අමාත්‍යවරයා තාක්ෂණික කමිටුවේ සහ විශේෂඥයින්ගේ උපදෙස්  සැලකිල්ලට ගෙන  එම කරල මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බවද   කීවේය.

”මොල්නුපිරවීර් කරල මෙරටට ගෙන්වීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තාක්ෂණික කමිටුව මෙයට පෙර උපදෙස්දී තිබිණ.