කොරෝනා අසාදිත වු පුද්ගලයින් 6 දෙනකු අද(21) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
එම ආසාදිතයින්ගේ පස් දෙනකු කොලඹ 12 බණ්ඩාරනායක මාවතේ පදිංචි නිරෝධායනට ලක්වෙමින් සිටි පිරිසගෙන් වන අතර අනෙක් පුද්ගලයා රත්නපුර ප්‍රදේශයේ කොරෝනා ආසාදිත වුවෙක් ළගින් ඇසුරු කළ අයෙකි.
ඒ අනුව මේ වන විට වාර්තා වූ මුළු ආසාදිතයින් ගණන 310 කි.
එසේම මේ වන විට ආසාදිත වී ප්‍රතිකාර ලබමින් සිටින පිරිසගෙන් 100 දෙනකු රෝහල්වලින් පිටව ගොස් ඇතැයි අනිල් ජා සිංහ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාස දෙකෙන් චන්දයක් තියන්න හොදම වෙලාව ...
පවිත්‍රා දැක්කේ නෑ ගොඩ දවසකින්.කොරෝනා වලට බයේ හැංගිලා වගේ.
දැනටමත් බනින අමෙරිකාවෙන් හා චීනයෙන් තමන්ගේ කොලනියක් ලෙස (උගසට සින්න වුනු) ලැබුණු ඇති විශාල මුදල ඉතා සාර්ථකව බාවිතා කරන බව දැන් ඇස් පනාපිට අවබෝධ වී පවතී. එම මුදල් වලින් අත්‍යවශ්‍යම දෙයක් වන කොරෝන-19 සදහා පරීක්ෂණ කට්ටල ගෙන බවක් පෙනෙන්නට නැත. එසේ ගෙනවානම් එක දෙක කර බිලිත් ජයවීරගේ දෙරණ නාලිකාව හා රෙනෝගේ නාලිකාව මෙලහකට රට දෙවනත් කරමින් මාධ්‍ය සංදර්ශන කොරනු ඇත. දැන් පෙනෙන ආකාරයට රජය ජනතාව ගොනාට අන්දමින් අපේ ගිනි පොලි චීනාගෙන් හා අලිබබා අධිපති "ජැක් මා" විසින් නොමිලේ ලබාදුන් පරීක්ෂණ කට්ටල ගැන කෙසේවත් සැහීමකට පත්වියහැකි මට්ටමකින් කරමින් පිනට හම්බ වුනු එකෙන් කටයුතු කිරීමට පමණක් බලා සිටියි.
දැන් පෙනෙන ආකාරයට රජය ජනතාව ගොනාට අන්දමින් අපේ ගිනි පොලි චීනාගෙන් හා අලිබබා අධිපති විසින් නොමිලේ ලබාදුන් පරීක්ෂණ කට්ටල (ප්ච්ර් ටෙස්ටින් මචිනේ යන්ත්‍ර කීපයක් ඔවුන්ගේ සුක විහරණයට වෙන්කරගත්ත වගේ මිනුත් සැලකිය යුතු ප්‍රමාණයක් වෙන්කරගෙන තිබිය හැක) කෙසේවත් සැහීමකට පත්වියහැකි (රටේ රෝගීන් 189 හමුවන විට අප්‍රේල් 8 වනවිට ටෙස්ට් කර තිබුනේ 3293, දැන් 310ක් ඉන්න කොට අප්‍රේල් 21 වනවිට කර ඇත්තේ 6793) මට්ටමකින් කරමින් පිනට හම්බ වුනු එකෙන් ශේප් වීමට බලා සිටියි.
මෙවෙනකම් මන් කිවුව එකක්වත් වැරදිලා නැත - ඇදිරිනීතිය නීති විරෝධියන් සාමුහික නිරෝදයනය යනු බෝකිරීමක් බව - කොරෝන මර්දන බලකායට හමුදාපති පත්කිරීම. වියයුත්තේ ඒ සම්බන්ධ විද්වතකු පත් කිරීම.... යුද්ධයකට දක්ෂ වූ හමුදාවගේ කරට මෙම බර පැටවීම නිසා දෝෂදර්ශනය හමුදාව ට යොමුකර වැඩ බැරි ගොය්යන් බේරීම (හිටන් බෝම්බ සිද්ධියට කලෙත් මේකමයි ) - පොඩි ඉලක්කමක් තියාගෙන් උදන් ඇනීම මෝඩ චුන් එකක් බව - නියම පැතිරීම තවම පටන් ගෙන නැති බව - ටෙස්ටින් කිරීම ඉතාමත් පහත මට්ටමක බව අප්‍රේල් 8 වන විට 3248ක් වූ එය 21 වන විට 6793කි. - නොමිලේ ලැබුණු පරීක්ෂණ කට්ටල සෙමින් භාවිතා කරමින් ලැබුණු ආධාර "අප වෙනුවෙන් අපි " ආධාර මෙන් සාර්ථකව ගැසීම....
ආණ්ඩුවේ අතිසාර්ථක කොරෝන මර්ධනය පෙන්නනුයේ සැබෑ ඉලක්කම් හා බොරු වීරයන්ගේ දර්ශන වලින් පෙන්නනුයේ, මෙච්චර කල් උදන් අනමින් විකුණපු යුද ජයග‍්‍රහණයේ සබැ නියමුවා "ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා " මහතා බවයි. තැන තැන කතා වුනු "හුළගට තරු ගැනපු " මාධ්‍ය සංදර්ශන කරුවන්ගේ හා අනුන් ලවා පොත් ලිය ගත්ත ගොබිලන්ගේ පම්පෝරි අනුන්ගේ දාඩිය මහන්සියේ පලයන් බවයි. හිටන් තමන්ගේ වාසියට අපසුගිය අවුරුද්දේ අප්‍රේල් 20 කල දෙයින් පොලිස්පති හා ආරක්ෂක ලේකම් එල්ලුම් ගස් යවා බේරුනි. මෙවර ගොටගේ හා මහින්දගේ චන්ද අමාරුව අප්‍රේල් 20 චන්දෙට දින නියම කිරීමේ පලවිපාක වලට ගස් යන්නේ මහින්ද දේශප්‍රිය හා හමුදාපති ශවේන්ද්‍ර සිල්වයි.
පාර්ලිමේන්තු මැතිවරණය තියන්න මේ තත්ත්වයේ ගැටලුවක් නැහැ. ගැටලුව තියෙන්නේ මහජන රැස්වීම් පැවැත්වීම. මොකටද රැස්වීම් තියන්නේ...? ඡන්දදායකයන් .තමන් ඡන්දය දිය යුත්තේ කාටද කියල තීරණය කරල ඉවරයි දැනටමත්. රැස්වීම් තියන්නේ දේශපාලකයින් මහජනතාවට අල්ලස් දීමට. රු.1000 බත් පැකටි එකටයි ඡන්දය දෙන අය දැන් නැහැ. ඒ නිසා රැස්වීම් නොපවත්වා ඡන්දය තියන්න. දින 2ක් තිබ්බත් කමක් නැහැ. නියම මහජන මතය ප්‍රකාශ වෙයි එතකොට....
ආධාර ලැබුණු වෙලේ චන්දේ තියලා ඒක් ඉවරයක් කරලා දාන එක හොදයි.
ඡන්දෙ තියන්න ජුනි 20 වෙනකම් ඉන්න අවශ්‍ය නැහැ , ලබන මාසේ 20 ඕක තිබ්බනම් ඉවරයි, බාර් වහලා තිබෙන්නේ මිනිස්සු බිල රණ්ඩු කරගන්න නිසා සහ මත්පැන් ශරීරයට අහිතකර නිසා , රජයේ කාර්යාල වහල තිබෙන්නේ නිලධාරීන් අල්ලස් ගන්න එක නවත්වන්න , රට දැන් සාමාන්‍ය තත්වයට පත් වුන නිසා ඡන්දෙ ඉක්මනටම තියාගන්න ඕනේ .
බොහෝ දෙනා කොරොනා ප්‍රශ්නය දෙස තම තමන්ගේ දේශපාලන අදහස් අනුව බලන බව පේනවා. ආණ්ඩුවට හිතවත් අය ඉක්මනින් මැතිවරණයක් තැබුවහොත් තමුන්ට පාර්ලිමේන්තු වේ වැඩි බලයක් ලබා ගන්න පුලුවන් කියා හිතනවා. විරුද්ධ පක්ෂ ප්‍රමාද වී පවත්වන මැතිවරණයක් මගින් තමන්ට වැඩි වාසියක් ඇති වේ යැයි කල්පනා කරනවා. මේ වන විට ලෝක ආර්ථිකය කඩා වැටීමකට ලක් වී ඇති අතර ශ්‍රී ලංකාව ද විශාල ආර්ථික පසුබෑමකට ලක්වනු ඇත. විරුද්ධ පක්ෂ එලෙස ආර්ථික පසුබෑම සිදුවූයේ රජයේ වරදින් බව පවසා එහි වාසිය ලබා ගැනීමට අපේක්ෂා කරයි. අනෙක් අතට රජයද මෙම තත්ත්වය ඇති වීමට පෙර නැත්නම් රජයේ ජනප්‍රිය භාවය අඩු වීමට පෙර මැතිවරණ ය ජය ගැනීමට සැලසුම් කරන බව පෙනේ. මෙය දේශපාලන ක්‍රීඩා කිරීමේ අවස්ථාව ක් නොවේ.
ආණ්ඩුව මුල ඉඳලම ඉතා වැදගත් එත් භයානක දෙයක් අමතක කලා , ඒතමයි මෙ ලෙඩේ සැදුනු 25% පමණ පුද්ගලයන්ගේ කිසිම බාහිර රෝග ලක්ෂණයක් නොපෙන්වන බව එත් මේ රෝගය වැඩිපුරම පතුරුවන්නේ ඔවුන් බවත්
අමිල දේශපාලන වාසි කෙසේවෙතත්, පසුගිය දින කීපයේ දිනපතා හමුවන රෝගීන් සංඛ්‍යාව සන්සන්ධනය කරලා බලනකොට හොඳින්ම පැහැදිලි වෙනවා මැතිවරණයක් තිබුනොත් එහි ප්‍රචාරක කටයුතු ආදිය කරන කොට අනිවාර්යයෙන්ම කොරෝන රටේ පැතිරෙන්නේ පුළුවන් බව සහ රටේ මේ වෙනකොටත් කඩින් කඩ ඇදිරි නිතිය පැවැත්වෙනවා , රට කිසිම ලෙසකින් සාමාන්‍ය තත්වයකට පත්වී නොමැත...