
( පුෂ්පකුමාර ජයරත්න සහ අධිකරණ අනුර ජයන්ත )
වඳ සැත්කම් වලට ලක්වූ බව කියන මවුවරුන් පිරිසක් සමඟ භික්ෂූන් වහන්සේලා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් අද (18) පෙරවරුවේ කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ.
වඳ සැත්කම් සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින වෛද්‍ය සාෆි ෂියාබ්දීන් මහතාට හිඟ වැටුප් ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂවරයාට කරන ලද නියෝගයට විරෝධය පළ කරමින් මෙම විරෝධතාව අරඹා තිබිණි.
මේ අවස්ථාවට එම වෛද්‍යවරයාට එරෙහිව කුරුණෑගල අධිකරණයේ පැවැත්වෙන නඩුව සඳහා අගතියට පත් මවුවරුන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් ද සහභාගි වී සිටියහ.
දේශහිතෛෂී ජාතික සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර, සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති ජඹුරේවෙල චන්දරතන හිමියන්, කුරුණෑගල ශාසනාරක්ෂක බළ මණ්ඩලයේ ලේඛකාධිකාරී වීරපොකුණේ සුමංගල හිමියන්ද සහභාගි වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතෙන්ට අර එදා දොස්තර නලාවක් බෙල්ලේ දාගෙන "වඳ සැත්කම් වලට ලක්වූ බව කියපු මවුවරුන් පිරිසක් එක්ක උද්ඝෝෂණය කළ අද හැකර කට පූට්ටුවෙලා ඉන්න ඇමැති ගොයියත් " එකතු කරගත්තා නම් තමයි වටින්නේ... එදා කොහොමද ජනගත කරපු කතාව..." සාෆි වෛද්‍යවරයා කලේ සිංහල මව්වරුන් ඉලක්ක කරගත්ත ‘ගර්භාෂ යුද්ධයක්' ‘ජනවාර්ගික සංහාරයක්’ කියලා නේද? සමහර කණ්ඩායම් සහ මාධ්‍ය මඟින් ප්‍රචාරය කළේ? අද ඒවා අමතකයි. ආගම ජාතිය ඉස්සරහට දාගෙන දේශපාලනේ කරන සියලුම දෙනා ලැජ්ජා වියයුතුයි. පාස්කු ප්‍රහාරයත් මේ වගේම එකක් තමයි. ඒකෙත් ඇත්ත කවදා හරි හෙලිදරව් වෙයි. තවත් මේ වගේ මිනිස්සුන්ට කඩේයන අය ඉන්නවා කියන එකයි පුදුමේ...
ලැජ්ජාව වහගන්න ඔය වගේ දේවල්වත් නොකළොත් ඔය උදවියට එළියටවත් බැහැගන්න බැරි තත්වයක් ඇති වෙනවා ඒ කාලේ කියපු බොරුවල හැටියට...!
අරක්කු ජෝනාගේ ගොන් වැඩ...!!!
නාථ දෙවිඳුනි, චන්න ජයසුමන වෛද්‍යතුමා සිටින තැනකින් සොයාදෙන්න.
ඒ නාට්ටිය ඉවරවුණා. ඔය අය දැන් ගෙවල්වලට යන්න...
රැවටිලා රැවටිලා දැන්නම් එපාම වෙලා තියෙන්නේ... සුද්දා කිව්වා වගේ අපි මෝඩයි. මට නම් හැඟෙන්නේ එහෙමයි...
ලැජ්ජාවට මොනවා හරි කරනවා වගේ පේන්නේ... මේක තවත් නාටකයක්.. එදා විරෝධතාවයට ආපු නොනලාට නම් මේ ආත්මේ ළමයි නැහැ වගේ...
ඉස්කාගාර හිමිකරු ජොනීගේ සාක්කුවට වැටුණු, අපිරිසුදු වුණු අය... මේ චීවරධාරීන්ට වෙනත් ජාතික, ආගමික වැදගත්කමක් ඇති කටයුතු නැතිද?
වඳ සැත්කම් වලට ලක්වූ සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් !
සාටකයේ නාටකේ. මේ බයියන් තාම අහුවෙනවනේ...
නාට්‍යය අහවර විය යුතුයි..!!!
මව්වරු කෙසේ වෙතත්, තක්කඩි පාලකයින් මේ ජාතියම වඳ කළ බව දැන්වත් මේ රටේ මෝඩයින්ට වැටහෙන්නේ නැද්ද? ඒ අමන පාලකයින්ට බැලමෙහෙවරකම් කල ඇතැම් චීවරධාරීන්, දොස්තරලා, කාන්තාවන් සිටි බව දැන්වත් තේරෙනවාද? මුළුමහත් මානව සංහතියටම නිග්‍රහ කරන තුප්පහි ජාතිය නුඹලා මේ මහපොළවෙන් වඳවෙන දවස වැඩි ඈතක නැහැ.
අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ මේ අයගේ බොරු නාට්‍ය වලට 69 ලක්ෂයක් අහුවෙච්ච නිසා. තවත් මේවට රැවටෙනවා නම් ඒ වහලෙක්ම තමයි..
යන්න දැන් ගෙවල්වලට. ඇති රැවටුණා. ආගම් වාදයෙන් බලය ලබා ගත්තාට කරගන්න බෑ. මුලු ලෝකෙන්ම ලංකාව කොන්වෙලා.
අනේ ඉතින් අපේ රටට හැමදාම කෙළවුණේ ඔය අසික්කිත දේශපාලුවන්ගේ බොරු නිසා... මෙහෙමත් මෝඩයින්...
මේවායේ ඇත්ත නැත්ත හොයා බලන්න... අනුරාධපුරයේ ඥාණක්කා ඉන්නේ. දූශිත දේශපාලුවන්ට කඩේ යන මොලේ උඩ ඉන්න වහල්ලුන්ගේ වැඩ මේවා... වඳ සැත්කම් 4000ක් හොර රහසේ කොහොම කෙරුවාද කියන එක අපිට නම් ප්‍රශ්නයක්...
කරන ලද හැම දූෂණයක්, හොරකමක් ඔප්පුකර ගන්න බැරි බව අපි දන්නවා. ඇයිමේ ශාපිටම මේ චෝදනාව එන්නේ? තව මුස්ලිම් දොස්තරලා ඉන්නවා නේද? ගින්නක් නැතුව දුමක් නොනගී කියන කතාව අනුව මොහු කිසියම් ලෙස මේ කටයුත්ත කර තිබෙනවා. එ් නිසයි ජනතාව මෙයාටම චෝදනා කරන්නේ. ජනතාවට මෙයා සුදනෙක් නොවෙයි...
දේශපාලනයෙ ඉන්න මිනිස්සු වගේම තවත් බොහෝ චූදිතයින් කල වැරදි මාධ්‍ය මගින් සාක්ෂි ඇතුව ඉදිරිපත් කරලත් උසාවියේ ඔප්පු වෙන්නෙ නැත්තෙ ලංකාවෙ විතරද දන්නෙ නෑ. රිය අනතුරුවලදිත් පොලිසියෙ සාක්ෂි දෙන්නා බීමත්ව රිය පැදවූ බව ඔප්පුවුනා කියනවිටත් එම වැකිය ඔහුගේ මුවින් පිටවීමටත් පෙර ඊලග නඩු දිනය දැනුම් දෙනවාලු. ලංකාවෙ තියෙන්නෙ තනිකරම සාමාන්‍යය ජනතාව පෙලමින් දේශපාලකයන් හා බලවතුන් තමන්ට කැමති ලෙස බොරු ප්‍රසිද්ධ කරමින් සමාජය හසුරුවන ක්‍රමයක්.