IMG-LOGO

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් සේවා තාවකාලිකව නවත්වයි

(දිල්රුක්ෂි ග්‍රේරු)


කුරුණෑගල  දිස්ත්‍රික්කයේ  සියලුම තැපැල් හා උප තැපැල් කාර්යාල නැවත දැනුම්දෙනතුරු තාවකාලිකව වසා දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.


කුරුනෑගල ප්‍රාදේශිය තැපැල් අධිකාරී  කාර්යාලයේ හා කුරුනෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 14 දෙනකුට කොරෝනා අසාදිත වී යැයි හඳුනා ගැනීමත් සමඟ මෙම පියවර ගෙන තිබේ.


ඇතැම් නිලධාරීන් තැපැල් බෙදීම් හා ඖෂධ බෙදාදීමේ රාජකාරී සඳහා අනෙකුත් තැපැල් හා උපතැපැල් කාර්යාලවෙත ගොස් ඇති නිසාත් සෞඛ්‍ය අංශ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇති බව  තැපැල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.


මේ හේතුවෙන් කුරුණෑගල  දිස්ත්‍රික්කයේ ඖෂධ බෙදීමේ රාජකාරීද නැවත දැනුම්දෙනතුරු නවත්වා තිබේ.ඖෂධ බෙදා හැරීම සඳහා සෞඛ්‍ය අංශ හා එක්ව කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය කටයුතු සුදානම් කරමින් පතින බවද තැපැල් දෙපාර්තමේන්තව කියයි.


 
 
 



අදහස් (0)

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් සේවා තාවකාලිකව නවත්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 480 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 642 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site