IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


‘කරුණු හරි හැටි නොදැන කතා කරන්න එපා‘

(අංජුල මහික වීරරත්න)
 
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අනෙකුත් අධිකරණවල විභාග වන නඩු සම්බන්ධව නිසි පරිදි කරුණු නොදැන ඒ පිළිබඳව අදහස් දැක්වීමෙන් වැළකී සිටින ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට අද (22) උපදෙස් දුන්නේය.
 
පසුගිය දිනවල මාධ්‍ය සාකච්ඡාවලදී හා වෙනත් වැඩසටහන්වලදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දක්වා ඇති යම් යම් අදහස් පිළිබඳව අවධානය යොමු කරමින් වික්‍රමසිංහ මහතා මෙම දැනුම්දීම කර තිබේ.
 
විෂයානුබද්ධ කරුණු පිළිබඳව අදහස් දැක්වීමේදී, වගකීමෙන් හා දැනුම්වත් බවින් යුතුව අදහස් දැක්වීම කළ යුතු බවද විෂය පිළිබඳව ප්‍රාමාණික දැනුවත් බවක් නොමැති අවස්ථාවන්හිදී අදහස් දැක්වීමෙන් වැළකී සිටිය යුතු බවද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා   අදාළ මන්ත්‍රීවරුන් වෙත වැඩිදුරටත් අවධාරණය කර ඇත.



අදහස් (4)

‘කරුණු හරි හැටි නොදැන කතා කරන්න එපා‘

Bamunuarachchi Thursday, 22 November 2018 10:57 AM

රන්ජන් තවම පාඩමක් ඉගෙන ගෙන නැහැ. අධිකරණය මෙයාගේ කනෙන් අල්ලලා ඇතුලට දාපු දාට තමයි ඔය කට වැහෙන්නේ.

:       0       0

Sam Thursday, 22 November 2018 11:08 AM

ගොඩක් රටවල මේක නීතියක්. ඒ වගේම වැරදි අදහස් ප්‍රකාශ කරන අයට විරුද්දව නීතියෙන් ක්‍රියා කරන්න පුළුවන්. ඒකට අපේ දේශපාලකයන් අග විනිසුරුටත් එහා දේවල් දන්නවා වගේ කතා කරන්නේ. විශේෂයෙන් නිතිය ගැන දන්නා අය වුනත් විභාග වන නඩු සම්බන්දයෙන් කිසිම මතයක් ප්‍රකාශ නොකළ යුතය. නමුත් ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු වලට එසේ කිරීමෙන් මහජනයා අතර වැරදි අවබෝධ ඇති කරනවා.

:       0       18

Mahee Thursday, 22 November 2018 08:49 PM

අනේ මේ ලෝකේ කරන්නම බැරි වැඩේනේ ඔය තමුන්නාන්සේ ගෝලයන්ට කියන්නේ. රට වට කර වැට බැන්දත් කට වට කර වැට බඳින්න බැහැ නොවැ ආයිබොවන්. අනික් කටවල් කොහොමවත් වහන්න බෑ නොවැ.

:       7       0

disa Friday, 23 November 2018 01:46 AM

මෙන්න නායකයෝ මිරිස් වතුර ගහහන්න..... ඔක්කොම ප්ලෑන් කරලා බබා වගේ හිටියේ නැනේ .

:       18       29

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 231 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2088 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1595 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site