IMG-LOGO

කූරගල ඉදිකිරීම් කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

කූරගල දාගැබ, බුදු පිළිම වහන්සේ සහ ධර්ම ශාලාවේ ඉදිකිරීම් කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත. 

කූරගල පුදබිමේ හදිසි නීරීක්ෂණයක නිරත ජනාධිපතිවරයා  ඉදිකිරීම් කඩිනම් කරන ලෙස නිලධාරීන්ට මෙසේ උපදෙස් දුන්නේය.

සබරගමු පළාතේ බලංගොඩ සිට කිලෝමීටර් 30ක් දුරින් පිහිටි කල්තොට නිම්නයේ කූරගල පුදබිම පිහිටා තිබේ. මහ රහතන් වහන්සේලා වැඩ සිටි ගල් ලෙන් 13ක් සහිත කූරගල පුදබිම දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන නාහිමියන්ගේ මූලිකත්වයෙන් සහ උපදේශකත්වයෙන් කූරගල විහාර භූමියේ සංවර්ධන කටයුතු සිදු කෙරේ.

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (9)

කූරගල ඉදිකිරීම් කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

fairoos Monday, 17 January 2022 12:27 PM

ඔව් ඔව් කන්න නැතත් ආගමට මුල් තැන දෙනවා කියලා වහල්ලු සනසන්න එපායැ

:       10       8

BamunuarachchiMonday, 17 January 2022 05:48 PM

ඇයි කන්න තිබෙන නිසාද දවසට 5 සැරයක් ආගම කියන්නේ? අල්ලා අක්බර් කියන්නේ?

:       0       0

BamunuarachchiMonday, 17 January 2022 05:51 PM

කූරගලින් නම් පැන්නුවා, රටිනුත් පන්නන්නයි වැඩ කොටස කරන්නේ... ගම්මිරිස් හොයන්න ඇවිත් කූරගලත් අයිතිකර ගන්න.

:       0       0

BamunuarachchiMonday, 17 January 2022 05:52 PM

අපේ බදු සල්ලිවලින් කන්නේ හම්බයෝනේ..!

:       0       0

Devaka Monday, 17 January 2022 01:28 PM

ඔබතුමා වැඩ කරන්නේ ඉදිරි චන්දේ ගැන හිතා නොව, රටේ අනාගතේ ගැන හිතා බව පැහැදිලියි. ජනප්‍රිය, චන්දෙ වැඩෙන තීරණ ගත්තා නම් අද තාමත් ඔය සිද්ධස්ථානේ අනිත් අය වනසනවා. අනිත් උන් බලන් ඉන්නවා.

:       11       11

කිරි පුතා Monday, 17 January 2022 01:35 PM

මේ පුද බිම සිංහල බෞද්ධයන් ට අහිමි කරමින් ආක්‍රමණය කර තිබුණු තැනක්. වර්ථමාන ගරු ජනාධිපති තුමාටත් ඒ වෙනුවෙන් කැපවුණු මහා සංඝරත්නයටත් බෞද්ධ ජනතාවටත් පිං.

:       9       14

ShanMonday, 17 January 2022 04:17 PM

ඒවා අහිමි වෙන්නත් හේතුව මෙයාගේ අයියා එයාලා එක්ක ගහපු ගේම් තමයි

:       0       0

kamal Monday, 17 January 2022 02:05 PM

තව විවෘර්ත කරන්න එකක් නැතිව පාලුයි වගේ .ඒකයි හදිස්සිය

:       0       0

Charitha Wednesday, 19 January 2022 06:55 AM

ඉක්මන් කරන එක නම් හොඳයි. ආයේ විජාතික බලයක් ආවොත් ඕක නැතිවෙනවා බෞද්ධයින්ට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1019 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site