
(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගැසූ සිද්ධිය වත්මන් අග්‍රාමාත්‍යවරයා සහ රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා කොට කළ දෙයක් ද? මේ පිටුපස රනිල් වික්‍රමසිංහ මහතාද සිටින්නේ දැයි හිටපු කතානායක කරූ ජයසූරිය මහතාගෙන් සාමාජ මාධ්‍ය සාකච්ඡාවකදී විමසූ විට හිටපු කතානායකවරයා එය ප්‍රතික්ෂේප නොකිරීම ගැන තමා පුදුමයට පත්වන බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පැවසීය.
තමා සහ වත්මන් අගමැතිවරයා එකට එකතු වී මිරිස්කුඩු සිද්ධිය කළැයි චෝදනා කිරීම මහා බොරුවක් වන අතර ඒ චෝදනාව ගැන පුදුමයට පත් වන බවද රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙිදී සඳහන් කළේය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙි දී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යනු ප්රජාතන්ත්රවාදී ජය සහ පරාජය සාපේක්ෂව බාරගන්නා දේශපාලන නායකයකු මිස වෙන කෙනෙකු නොවේ.
රනිල් හොඳ ඩබල් ඒජන්ට් කෙනෙක් තමයි.
දැන් බලනකල මේ මන්ද බුද්ධිකයන් 226ම නියම සුද්ධෝදනලා... නමුත් කතාව අනේ මම "හීනෙන්වත් කිසිදු කැත වැඩක් කරලා" නැහැ කියාගත්ත ගමන්මයි.
කෙසේ වෙතත්, අල්ලස් කොමිසම විසින් පෙන්වා දුන් ඔප්පු කළ විසර්ජන සම්බන්ධයෙන් ඔබ මහින්ද රාජපක්ෂ කල්ලියට එරෙහිව කිසිදු සාධනීය පියවරක් ගෙන නොමැත. මේ සම්බන්ධයෙන් එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උදාසීන හැසිරීම් චේතනාන්විතව චෝදනා කිරීමට අපි පසුබට නොවෙමු!.
මේ රටේ ඉන්න දවල් සමාජවාදී රෑට බඩගෝස්තරවාදීන්ට රනිල් දරාගන්න බෑ. එතුමා 2001 දි කරපු ආර්ථික ප්‍රතිසංස්කරණ හරියට කලානම් අද මෙහෙම වෙන්නෙ නෑ. යූනියන් කාරයො ටිකයි, නිකම්මු පහලොස් ලක්ශ දෙසිය විසි පහයි ඒකට පාරට බැස්සා.
දෑන් දැන් තේරෙනවා යටින් ඉඳන් රනිල්ගේ කකුලෙන් ඇද්දෙ කවුද කියල. දෑත් ශක්තිමත් කරල ආපු මාමයි බෑනයි මෙහෙම කියනකොට තමා හිනා යන්නෙ.
ඇතුළත් ගිනි, පිටත් ගිනි...
රනිල් කියන්නේ හොඳම ඩබල්ගේම් කාරයෙක්. මහින්ද අද ඔතන ඉන්නේ මෙයාගේ දක්ෂකම නිසා. මෙයා දන්නවා පාස්කු දවසේ වෙච්ච දේ මුල පටන් අගටම.. මහබැංකුවට මුලින්ම සුද්දයක් දැම්මේ කවුද කියලා. මේ රටේ වෙච්ච හැම දේශපාලන කල්ක්රියාවකම මහමොලකාරයින් කවුද කියලා. මේ සේරම දැනගෙනත් මෙයා ලස්සනට හොරුන්ට උදව් කරනවා. මෙයා පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ කෙනෙක් නොවේ.
රනිල් ගේම් ගහන්න දක්ෂ කෙනෙක් මෙහි වරද නම් මෙයා කවදාවත් හොඳ දෙයක් කරන්න ගේම් ගැහුවේ නැහැ.
රනිල් නායකත්වයේ ඉන්නකම් එජාපයට නැගිටිමක් නැහැ.
දැන්වත් තරුණ පරම්පරාවට බාරදීලා අයින් වෙන්න.. ඔයත් ෆේල් හොඳේ...
ඔබතුමා කියවලා තියෙන පොත් විමානේ බැලුවාම ඉගෙන ගෙන තියෙන්නේ අපිව නන්නත්තාර කරන ගේම් ගහන්නනේ බලන්නේ... ඉතින් අන්තිමේදී පක්ෂයත් ඉවර කළානේ. ඉතිරි පොත් ටිකත් කියවන්න ඒවා වේයෝ කන්න ඉස්සර වෙලා.