සුනාමි තත්ත්වයෙන් පසු ඉන්දුනීසියාවේ අනක් ක්‍රැකටෝවා ගිනිකන්ද සක්‍රීය මට්ටමේ පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ හේතුවෙන් ගිනිකන්ද වටා කිලෝමීටර 5 ක දුරින් ගුවන් ගමන් සීමා කර තිබේ.
ගිනිකන්දේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් අවදානම් තත්ත්වය දෙවැනි හා තෙවැනි මට්ටමට වැඩිවී ඇති බව ඉන්දුනීසියානු ආපදා කළමනාකරණ ඒජන්සිය පවසයි.
ඉකුත් සෙනසුරාදා (22) ඉන්දුනීසියාවේ ඇති වූ සුනාමි තත්ත්වයෙන් පුද්ගලයන් 430 දෙනෙකු මිය ගොස් අවම වශයෙන් පුද්ගලයන් 159 දෙනෙකු අතුරුදන් විය.
මීට අමතරව පුද්ගලයන් 1500 දෙනෙකු තුවාල ලැබු අතර තවත් දහස් ගණනක් අවතැන් වී සිටිති.
(28535)
https://www.bbc.com/news/world-asia-46691116




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කාට කිව්වත් කලත් වෙන්න තියෙන දේ මේ ලෝකේ කාටවත් නවතාලිය නොහැක. එයයි යථාර්තය. නොපෙනෙන බලවේග පසු පස ගොස් තමන්ගේ වටිනා කාලය කා නොදමන්න. තමාගේ දරුවන්ගේ සහ පවුලේ වටිනා දෙයක් වෙනුවෙන් එම කාලය යොදවන්න. දෙවියන් යදින ආගම් අපව බියට පත්කර ඇත, දෙවියෙක්ද නැත. ඉන්නවානම් මෙසේ වේද?