(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඕස්ට්‍රේලියාවේ පැවති 2022 වසරේ 20/20 ක්‍රිකට් තරඟය නැරඹීම සඳහා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයන් 14 දෙනෙක් රුපියල් හය කෝටි හැත්තෑ හය ලක්ෂ අනූ තුන් දහස් හයසිය හැත්තෑ නවයක මුදලක් වියදම්කර තිබෙන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී අද (24) පැවසීය.
ක්‍රීඩා ඇමැති රෝෂාන් රණසිංහ මහතාගේ ඉල්ලීමකට කෙරුණු විගණනයේ වාර්තාවට අනුව මේ කරුණු හෙළිදරව් වී තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.
මේ දූෂණ හෙළිදරව් කළ විට එය රංගන ශිල්පිනියකගේ ඇගේ තියා වහ ගන්න හැදූ බවද " ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් හේෂා විතානගේ මහතා කීය.
14 දෙනෙක් වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ දවස් දහයක් ගත කරන්න විලි ලැජ්ජාවක් නැති නම් ඔවුන්ට ක්‍රිකට් හදාගන්න අබමල් රේණුවකවත් හැගීමක් නැති බව කිව යුතු බව කී මන්ත්‍රීවරයා එ් දාහතර දෙනාගෙන් තුන් දෙනෙක් පමණක් රුපියල් විසිපන් ලක්ෂ අනූහයදාස් හත්සිය පනස් නවයක් ආපසු ගෙවා තිබෙන බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආපසු ගෙවූ දිනය සොයා බලන්න.
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ (ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ) දූෂණ ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ලේඛනගත කරල තියනව.
ඔතන ඉන්න සේරම නාකි ටික නිළියන්ගේ ෂුගර් ඩෑඩි ලා. වයස් ගත වුනු ක්‍රීඩකයොත් ඒ වගේ. නිදහසේ ලිංගික සුව විඳිනවා. නිකන් ඉන්න වෙලාවට ක්‍රිකටුත් ගහනවා. ක්‍රිකට් කොල්ලොත් පිට රට ගිහින් ඒකම කරනවා. උදේට ක්‍රිකට් ගහන්න හතර හන්දි පන නෑ. අර එක වල් ක්‍රිකට් කොලුවෙක් අනියම් කම් සුව විඳින්න ගිහින් ඔය ඕස්ට්‍රේලියාවේ හිර වෙලා ඉන්නේ. අන්න ඒ තරමට ලංකාවේ නීති හදුනා දවසට මේ රට නැගිටිනවා. අරෙහෙන් මෙහෙන් කෑලි කෑලි අරන් හදන වැඩේ කවදාවත් කෙරෙන්නේ නෑ.
ශ්‍රීලංකාවේ ක්‍රිකට් කඩා වැටීමට විශාල හේතුවක් උනේ තිලංග සුමතිපාලගේ කාලයේ ඇති කෙරුව නව ව්‍යවස්ථාවයි. ඒකෙන් ක්‍රිකට් ක්‍රීඩාව අධීක්ෂණය කරන්න ක්‍රීඩා අමාත්‍යාංශයට බලපෑම අහෝසිවන ආකාරයට පනත සකස් කරලා පාර්ලිමේතුවේ අනුමැතිය ලබා ගත්තා ඒකෙන් සිද්ධ උනේ අසීමිත දූෂණ වලට ඉඩ ලැබුණු එකයි.