(අංජුල මහික වීරරත්න)
බස්නාහිර පළාත් පාසල් සඳහා ක්‍රිකට් උපකරණ බෙදාදීම ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී අද (6) පැවැත්විණි.
'ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවේශයන් වැඩිදියුණු කිරීම තුළින් ප්‍රාදේශීය මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩාවට කුසලතා සහිත දරුවන් හඳුනා ගැනීම' අරමුණු කර ගනිමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක වන පාසල් ක්‍රිකට් ක්‍රීඩා සංවර්ධන වැඩසටහන යටතේ මෙම ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානය කෙරිණි.
ශක්තිමත් ජාතික ක්‍රිකට් කණ්ඩායමක් නිර්මාණය කිරීම සඳහා පදනමක් ගොඩනැගීමටත්, මානව සම්පත හඳුනා ගැනීම තුළින් ක්‍රිකට් ක්‍රීඩාව කර්මාන්තයක් ලෙස වර්ධනය කිරීමටත් බලාපොරොත්තු වන බව අමාත්‍යාංශය කියයි. බස්නාහිර පළාතේ තෝරාගත් නව (දැනට ක්‍රිකට් ක්‍රීඩාව නොපවතින) පාසල් 30ක් සඳහා පැති විකට්, ක්‍රිකට් ක්‍රීඩා උපකරණ ලබා දීම මෙහිදී සිදු කෙරිණි.
මෙම අවස්ථාවට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාද බස්නාහිර පළාත් තෝරාගත් පාසල් වල විදුහල්පතිවරු ගුරුවරු සහ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සහභාගී වූහ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ක්‍රිකට් නැති පාසල් තිහක ක්‍රිකට් දියුණු කරයි
Chandana Friday, 06 June 2025 04:23 PM
බස්නාහිර පළාතට විතරද? වෙන පළාත්වල දක්ෂ ක්‍රීඩකයෝ බිහිවෙන්නේ බිහිවෙන්නේ නැද්ද?
Bunny Preena Monday, 09 June 2025 11:53 AM
දුෂ්කර පලාත්වල තෝරාගත් පාසල් දරුවන්ට මෙවැනි ක්‍රීඩා භාණ්ඩ ලබා දුන්නා නම් වඩාත් හොඳයි.