(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ක්‍රිකට් ක්‍රීඩාවෙි දියුණුව වෙනුවෙන් ඉදිරියේදී තීන්දු තීරණ රැසක් ගන්නා බව තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
"අප ඒ තීන්දු තීරණ ගන්නේ හංගලා නොවේ.පාර්ලිමේන්තුව මෙන්ම මාධ්‍යයත් ඒ තීරණ ගැන දැනුවත් කරනවා.අප බාර ගන්නා විට ක්‍රිකට් පමණක් නොව සියලු ක්‍රීඩා පසුබෑමට ලක්ව තිබුණා.විනය ගැන මෙන්ම හැසිරීම ගැනත් ගැටලු තිබුණා.එය ක්‍රිකට් වලට පමණක් සීමා වූ කාරණයක් නොවේ.
අප විනය ගැන දැඩි අවධානය යොමු කළා. ඒ නිසා දැඩි තීන්දු ගන්න සිදුවුණා.එයින් මමත් විවේචනයට ලක් වුණා.තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව දීම තුළ ඒ අභියෝග බාර ගත හැකි දැයි ප්‍රශ්න ඇතිවුණා.
කෙසේ වෙතත් දැන් ඒ නවක ක්‍රීඩකයන් ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයන් බවට පත්ව තිබෙනවා යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම මගුලක්ම "මහින්ද රාජපක්ෂ" කියලා නම් කරන එකේ, අපි ශ්‍රී ලන්කන් ක්‍රිකට් බෝර්ඩ් එකේ නමත් වෙනස් කරලා "මහින්ද රාජපක්ෂ ක්‍රිකට් බෝර්ඩ්"
ඒකට තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මාසෙකට වතාවක්වත් ඩුබායි යන්න ඕනේ... එහෙම නේද?
රෝහිතව නායකයා කරමු.
ක්‍රිකට් වල සාර්ථක බවට පින් දෙන්න ඕනේ අර වීඩියෝ කරපු කෙනාට.
ගගනගාමියාට ක්‍රිකට් බෝඩ් එකේ සභාපතිකම දුන්නානම් වැඩේ ගොඩ.
ගත්තා තමයි. ලකුණු දාගන්න කට්ටිය එමටයි. අර එංගලන්තේ මහත්තයාගේ වීඩියෝව නොවෙන්න තරුණ ක්‍රීඩකයින් තාම කැලේ...
අපි තමයි හොඳටම කරලා තියෙන්නේ ... ඒකනේ ඔය කියන්නේ...
ක්‍රිකට් දියුණු කරන්න නම් ඉස්සෙල්ලාම හොඳ නායකයෙක් අවශ්‍යයි. චිචී මහත්තයා තමයි ඒකට ඉන්න එකම සුදුස්සා. එතැනින් පටන් ගනිමු.
බාල සහෝදරයාව පුහුණුකරු හැටියට පත් කරා නම්...
පවුලේ අයව කිට්ටු කරගෙන අලුතින් වැඩක් දෙන්න යනවා ඇති... මෙයාලගේ තීරණ ගැන අමුතුවෙන් කියන්න ඕනේද?
නාමල් වගේ අය ක්‍රිකට් පරිපාලනයට අත ගහන්නේ නැතුව හිටියොත් ක්‍රීඩාව නිකම්ම දියුණු වෙයි .