(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කරන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් කරන ලද ඉල්ලීම ඇතුළත් ලිපිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළේය.

මෙම ලිපියේ චෝදනා හයක් ඇතුළත් වන බවත් ශ්‍රී ලංකා රජය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඇඟිලි ගසන්නේ යැයි එහි සදහන් කර ඇති බවත් විපක්ෂනායකවරයා කීවේය.

මේ සියලු චෝදනා අසත්‍ය බවද ඔහු සඳහන් කළේය.