IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


ක්‍රිකට් තහනම පාවා දීමක්

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පවත්වන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා අන්තර්ජාතික ක්‍රිකට් සභාවට ලිපි තුනක් යවමින් ඉතා දැඩිව බල කර ඉල්ලා ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා අද (19) පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා පසුගිය නොවැම්බර් 6, 7, හා 9 වැනිදා අන්තර්ජාතික ක්‍රිකට් සභාවට ලිපි තුනක් යවා ඇති බව කී අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ක්‍රිකට් තහනමක් පැනවිය යුතුම බව ඒවායෙන් කියා ඇති බව සඳහන් කළේය.

එම ලිපි අතරින් නොවැම්බර් 7 වැනිදා අයි.සී.සී.යට යොමු කළ ලිපිය ඉතා බරපතළ බවද ඔහු කීවේය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඊයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

තමා මේ ලිපිය දකින්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට මෙතෙක් සිදුකළ විශාලතම කළු පැල්ලම හා අපහාසය හැටියට බවත් මේ ලිපියේ ඉතා බරපතළ වචන පාවිච්චි කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තහනමක් පනවන්නැයි ඉල්ලමින් යොමු කළ ලිපියේ එක් තැනක ඉතා පැහැදිලිව බල කර ඉල්ලා ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය.

මේ සියලු‍ ලිපි යවා ඇත්තේ ක්‍රිකට් ආයතනයේ විධායක සභාවේ අනුමැතියකින් තොරව බවත් ශ්‍රී ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තුවත් මෙමගින් හෑල්ලු‍වට ලක්වන බවත් ඇමැති රණසිංහ මහතා කීවේය.

රටේ නීති රෙගුලාසි හදන්නේ පාර්ලිමේන්තුව බව කී ඇමැතිවරයා ඒවා අභිබවා යන්න මේ රටේ ක්‍රිකට් ආයතනයට තබා ජාත්‍යන්තර ක්‍රීඩා සංගමයකටවත් නොහැකි බව පැවසීය.

මෙම ප්‍රශ්නය නිසා තමාට අද එල්ල වී තිබෙන තර්ජනය ගැන තමා රහස් පොලිසියට පැමිණිලි කළ බවත් ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා හා සුදත් චන්ද්‍රසේකර යන අයට විරුද්ධව රහස් පොලිසියට පැමිණිලි කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

තමා රහස් පොලිසියට ගියේ ඒ සඳහා පමණක් නොවන බව කී ඇමැතිවරයා රජයේ විගණකාධිපතිවරයා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් නිකුත් කර ඇති විගණන වාර්තා ගෙනැවිත් විමර්ශනයක් කරන ලෙස රහස් පොලිසියෙන් ඉල්ලා සිටි බවද පැවසීය.

රටේ ඇති වී තිබෙන ක්‍රිකට් ප්‍රශ්නය කෝප් කමිටුව චිත්‍රපටයක් කරන්න හදන බවත් පැය දෙකක කාලයක් එතන කතා කළ යුතු ක්‍රිකට් ප්‍රශ්න පැත්තක දමා වැඩකට නැති වෙනත් දේවල් කතා කර කර සිටි බවත් ඇමැති රණසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඉන් පාර්ලිමේන්තුවද හෑල්ලු‍වට ලක්වූ බවත් හොරු අල්ලන්න ආ කෝප් කමිටුව දැන් හොරු විසින් අල්ලාගෙන යැයි අන්තිමට ජනතාව ද කියන්න පටන්ගත් බවත් ඔහු පැවසීය.

ජනාධිපතිවරයාත් ජනාධිපති මාධ්‍ය අංශයත් කියන්නේ දෙකක් බවත් ජනාධිපති මාධ්‍ය අංශය කියන ඒවා ජනාධිපතිවරයා කියන ඒවා හැටියට හැඳින්විය යුතු නැති බවත් ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයාගෙන් හෝ ආණ්ඩුවෙන් තමාට කිසිඳු බලපෑමක් ඇති වී නැති බවත් ජනාධිපතිවරයා කේ.පී. චිත්‍රසිරි කමිටුව පත් කර එම කමිටුව විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු අනුකමිටුවත් පත්කළෙත් මෙතන ප්‍රශ්නයක් තිබෙන නිසා බවත් ඇමැති රොෂාන් රණසිංහ මහතා පැවසීය.

ක්‍රිකට් තහනමෙන් ශ්‍රී ලංකාවේ පවත්වන්නට තිබූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය අත්හිටුවීම නිසා මෙරටට එන්න හිටපු සංචාරකයන් 800කගේ පමණ ගමන නැවතුණු බව හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා ප්‍රකාශ කර ඇති බව කී ඇමැතිවරයා එම කතාව ගැන තමා කනගාටු වන බවද කීය.

මේ රටේ ක්‍රිකට් තහනම් වුණේ ක්‍රිකට් ආයතනයේ බල කිරීම නිසා බවත් ක්‍රිකට් ආයතනයේ විධායක සභාවට ඇමැතිවරයාගේ නියෝජිතයා හැටියට පත් කළ අසන්ත ද මෙල් මහතා කිසිඳු අවස්ථාවක ක්‍රිකට් ආයතනයේ කටයුතුවලට කැඳවීම් කර නැති බවත් ඔහු සඳහන් කළේය.

ක්‍රීඩා ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට හෝ විපක්ෂයට එක්වීමට මේ මොහොතේ තමාගේ කිසිඳු අදහසක් නැති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එය වත්මන් ආණ්ඩුවට ඡන්දය දුන් හැටනවලක්ෂයක් වන ඡන්දදායකයන්ට පයින් ගැසීමක් වන බවද ජනාධිපතිවරයාට අවශ්‍ය නම් තමන් ඇමැති ධුරයෙන් ඉවත් කළ හැකි බවද ඔහු පැවසීය.

ජනාධිපතිවරයා හා ජනාධිපති මාධ්‍ය අංශය යනු දෙකක් මිස එකක් නොවන බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කරන නිවේදනවලින් හැමවිටම ජනාධිපති මතය ප්‍රකාශ නොවන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

කුසලා සරෝජනී වීරවර්ධන වාර්තාව සම්බන්ධයෙනුත් විගණකාධිපති වාර්තා සම්බන්ධයෙනුත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා ක්‍රිකට් ආයතනය දැනුවත් කර ඇති බවත් නමුත් ඒ මතයටවත් ක්‍රිකට් ආයතනය උත්තර නොදුන් බවත් ඔහු පැවසීය.

පාපන්දු, රග්බි ක්‍රීඩා ජාත්‍යන්තර තරග තහනමක් ගැන රටේ කතා කරන බවත් රග්බිවලට ජාත්‍යන්තර තහනමක් පැනවුණේ නාමල් රාජපක්ෂ මහතා ක්‍රීඩා ඇමැතිව සිටියදී බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට පනවා තිබූ ජාත්‍යන්තර පාපන්දු තහනමද රටේ නීතියත් සෑහෙන දුරකට ආරක්ෂා කරමින් ඉවත් කරගන්නට තමාට හැකි වූ බවද ඔහු කීවේය.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ඉවත් කරගැනීමට පාර්ලිමේන්තුවේ 225 දෙනාම එකතු වී සිටින බවද ඔහු සඳහන් කළේය.

ශම්මි සිල්වා ආසියානු පදක්කම් දිනපු ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුපියල් කෝටි තුනක් දුන් බවත් එය අගය කරන බවත් අමාත්‍යවරයා කීවේය. නමුත් ඒ ශම්මි සිල්වාගේ සල්ලි නොවන බවත් ක්‍රිකට් ක්‍රීඩකයන් දුක් මහන්සි වී හම්බ කළ සල්ලි බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

ක්‍රිකට් ආයතනයේ සල්ලිවලින් සියයට 20ක් ක්‍රීඩා ඇමැතිවරයා ඉල්ලපු එක මේ සියලු‍ම ප්‍රශ්නවලට මුල්වෙලා යැයි කියන නමුත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයට යොමු කළ ලිපියේ ඉතා පැහැදිලි ලෙස සඳහන් කර ඇත්තේ එසේ කළ හැකි නම් එය කාරුණික ඉල්ලීමක් ලෙස පමණක් සලකා ක්‍රියාකරන ලෙස බවද ඇමැතිවරයා සඳහන් කළේය. එතනදී ඇමැතිවරයා කිසිම බලපෑමක් කර ඇති බවත් දැන් ඔය ශම්මි සිල්වා මලල ක්‍රීඩකයන්ට සල්ලි දුන්නා සේ ඒ මුදල් ඉල්ලු‍වේ ඒ වගේ වැඩවලට යොදවන්නට බවත් ඔහු ප්‍රකාශ කළේය.



අදහස් (8)

ක්‍රිකට් තහනම පාවා දීමක්

G. K. Ekanayake Sunday, 19 November 2023 09:55 PM

හොරුන් රකින්නෙක් බව මේකෙන් තහවුරු වෙනවා.

:       11       9

Rata Perata Sunday, 19 November 2023 10:38 PM

මේකට මූලික වුණු අයගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතුයි. අනිවාර්යයෙන්ම...!

:       1       38

de silva Monday, 20 November 2023 02:58 AM

ක්‍රීඩකයන්ට, පුහුණුකරුවන්ට, ක්‍රිකට් බෝර්ඩ් චෙයර්මන්ලාට අල්ලස් දීලා ඉන්දියාව ලෝක කුසලානේ ඉදිරියට ආවත් අල්ලස් නොගන්න සුද්දෝ ඉස්සරහ කොරවෙලා පැරදුණු නිකන් පාසල් කණ්ඩායමක් වගේ..., ඉන්දියාව කියන්නේ ලොකු කෙරුමෙක් නොවේ, ඔක්කෝම කරන්නේ සල්ලි බලෙන්, ක්‍රිකට් අවුරුදු 5කට තහනම් වුණත් කමක් නැහැ කියලා අර්ජුනට බාර දෙන්න.. සුද්ද කරලා ගන්න...

:       1       3

කුමාර Monday, 20 November 2023 03:01 AM

අන්තිම වාක්‍ය කීපයෙන් වැඩේ සරලව තේරෙනවා. බලපෑම් වෙලා සල්ලි රජයට ඉල්ලලා. දී කිරට බළල්ලුත් සාක්කිලු...!

:       1       1

නන්දන Monday, 20 November 2023 08:31 AM

කොයි කාගේත් කිල්ලෝට වල හුණු පොඩ්ඩ පොඩ්ඩ තිබිලා තියෙන්නෙ බව දැන් තමයි දැනගත්තේ. ක්‍රීඩා ඇමති විසින් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කාරුණිකව ඉල්ලා සිටි සියයට 20 මුදල නොදීම තමයි මේ ආරෝවට මුල. ලංකාවේ දේශපාලකයෝ ගාව කාරුණික ඉල්ලීම් තියෙනවා ද? දුන්නොත් හොදයි නොදුන්නොත් බෙල්ල කැපුවා එහෙමනේද වෙන්නේ?. හැබැයි එතුමා කියන්නේ හොඳ දේවල් වලට වියදම් කරන්නලූ ඒ මුදල කාරුණිකව ඉල්ලුවේ. හැබැයි ඉතිං ලංකාවේ මුදල් පිල්ලි යන විදියට ඒ මුදලටත් ඇඩ්රස් නැති වෙන්න තිබුණා දුන්නානම්.

:       2       3

kumara Monday, 20 November 2023 10:27 AM

දෑන් රඟපෑවා ඇති මහත්තයෝ... මේ කුජීත දේශපාලනය එපා... තවදුරටත්...!

:       0       5

GunendraMonday, 20 November 2023 11:00 AM

හරියටම හරි...

:       0       0

සුමිත් නලින්ද Monday, 20 November 2023 10:45 AM

මේ සම්බන්ධව ජනාධිපතිතුමා ශම්මිගෙන් අහලා තියෙනවාද මොනම අවස්ථාවකවත් ඔබ නේද මේ ක්‍රිකට් තහනම ලංකාවේ ගෙනාවේ... මේකට උසාවි යන්න වැඩක් නෑනේ. කෙලින්ම ඔප්පු වෙනවා නේද ඉස්සෙල්ලාම කරන්න ඕනෑ රොෂාන් රණසිංහ මහත්තයෝ ජනාධිපති ගෙන්නලා අහන්න ඕනෑ ඔබතුමා මේ සම්බන්ධයෙන් ගන්න පියවර මොනවද කියන එක 21 වෙනිදා එයා ඉන්දියාවට යන්නේ තවත් මොකක් හරි තහනම් කරන්න නේද...?

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

තරුණයා දැරියකගේ දිවි බේරයි
2024 මැයි මස 18 671 1

කලවාන කුකුළේ ගංගාවට පැන්නේ යැයි කියන දැරියක් එම ප්‍රදේශයේ තරුණයකු ගඟට පැන දිවි බේර ගෙන ඇති බව කලවාන පොලිසිය පැවසීය .


’යුද්ධයෙන් පීඩා විඳි සියල්ලනට එංගලන්තයේ සහාය’- කැමරන්
2024 මැයි මස 18 727 5

ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය සහ අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් අදටත් තම ආදරණීයයන්ට සිදුව


ඇල්ල- වැල්ලවාය පාර අදත් වහයි
2024 මැයි මස 18 186 0

ඇල්ල වැල්ලවාය මාර්ගයට කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේදී මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම තවදුරටත් පවතින බැවින් අද (18) රාත්‍රි 8.00 සිට හෙට උදෑසන 6.00 දක්වා මාර්


ට්‍රාන්ස්ෆෝමරයක් අසල නාඳුනන සිරුරක
2024 මැයි මස 18 959 2

ගම්පහ ,ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන ඇත.


පැවැත්වෙන මැතිවරණය ගැන උදයංග කියයි
2024 මැයි මස 18 2614 12

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරත


ආර්ථික පරිවර්තන පනත ගැසට්ටුව නිකුත් වෙයි
2024 මැයි මස 18 401 1

ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කෙරිණ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 789 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2338 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2005 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site