ඉන්දිකා රාමනායක
ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වා මහතාගේ පියා පදිංචිව සිටි රත්මලානේ නිවසට ප්‍රභූ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා තිබේ.
ක්‍රිකට් ක්‍රීඩකයාගේ පියා පසුගිය මැයි මාසයේ දී වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්වූ අතර පාතාලයේ අභ්‍යන්තර ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
මැයි මස 25 වැනි දා සිට එම නිවසට පොලිස් නිලධාරීන් 10 දෙනකුගේ ආරක්ෂාව ලබා දී තිබෙන බව පොලිසිය කියයි.
පදනමක් නැතිව එසේ ප්‍රභූ ආරක්ෂාව ලබා දී ඇත්තේ ඇයිද යන්න ගැන වාහම වාර්තාවක් ලබා දෙන ලෙස ආරක්ෂක ලේකම්වරයා පොලිස්පතිට දැනුම් දී තිබේ. එම වාර්තාව ලැබුණු පසු ඉදිරි පියවර ගන්නා බව අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ වැරැද්ද මොකද්ද.? ගොඩක් පාතාල සමාජිකයෝ ප්රභූලානේ.
වටිනා ක්‍රීඩකයෙක් ගේ ජීවිතය වටිනවා නේද අපේ පාර්ලිමේන්තුවේ ප්‍රභූ කියාගන්න හොරුන්ට වඩා
කලකට ඉහත දී නම් ලංකාවේ හැමෝටම ප්‍රභූ ආරක්ෂාව තිබුනා. ඒ කාලේ පාතාලෙන් කරදරයක් තිබුනේ නැහැ .
ඇත්තටම 10 දෙනෙක් නොවේ 20 දිනෙක් දැම්මත් කමක් නෑ. මොකද මේ ක්‍රීඩකයාගේ ජීවිතය වටිනවා ප්‍රභූ කියාගන්නා දේශපාලන හොරුන්ට වැඩිය.
ප්‍රභූ ආරක්ෂාව දුන්නේ ඇයිද කියලා හොයලා බලන්න කලින් ක්‍රීඩකයාගේ පියාව මරපු ගාතකයන්ව ඇල්ලුවද කියලා හොයලා බලන්න.