පාස්කු ප්‍රහාරය ගැන හොයන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට සාක්කි ලබා ගැනීම සඳහා අද කැඳවා තිබූ කර්මාන්ත හා වාණිජ හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාට වෙනත් දිනයක් ලබා දීමට එම කාරක සභාව තීන්දු කළේය.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් සාක්කි ලබා ගැනීමෙන් පසු පස්වරු 4.55ට හිටපු ඇමැතිවරයා කාරක සභාව හමුවට කැඳවනු ලැබීය.
‘අපිට ඔබෙන් ප්‍රශ්න අහන්න වැඩිපුර වෙලාව අවශ්‍යයි. තවත් වැදගත් රැස්වීමක් තිබෙනවා. කාරක සභාවේ සාමාජිකයන් තිදෙනකු නැහැ. ඒ නිසා 28 වෙනිදා ඔබව යළි කැඳවනවා ‘ යැයි කාරක සභාව හිටපු ඇමැතිවරයාට දැනුම් දුන්නේය.
ඒ අනුව සාක්කි ලබා ගැනීම සඳහා 28 වැනි දා සිකුරාදා සවස දෙකට කමිටුව හමුවේ පෙනී සිටින ලෙස රිෂාඩ් බදියුදීන් මහතාට දැනුම් දුන්නේය.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුත් හාමුදුරුවන්ගේ... බඩුත් හාමුදුරුවන්ගේ..!
එකත් එකටම එන්න බැහැ කියන්න ඇති...
චමින්ද වෙත, යමක් ප්‍රකාශ කරන්න කලින් අඩුම තරමේ විමසිල්ලෙන් ලිපිය කියවන්න, අදාල පින්තුර බලන්න. පින්තුර වල පසුබිම පෙර පින්තුර සමග සසදන්න. නිකන් නුගත් වාචාල විදිහට තමන්ගේ මතයේ අන්ද ලෙස එල්බගෙන තීරණ නොගන්න, අදහස් පල නොකරන්න. ඉන් පළමුව හානි වන්නේ තමන්ගේම ප්‍රතිරූපයටයි. මෙතන බදුර්දීන් කාරක සබාවට ලියකියවිලි හා ලිපි ලේඛන සමග පැමිණ සිටි බවට පැහැදිලි පින්තුරයක් තිබියදී ඔවැනි ප්‍රකාශ පලකිරීම ගැන අනුකම්පා කරමි. තමන්ගේ දෑසින් නිදහස්ව දකින්න, හිතන්න, තාර්කිකව දකින, කියවන, ඇසෙන දේ විශ්ලේෂණය කිරීමට උත්සහ කරමු. එවිට ලබන ආත්මයෙකවත් එවැනි තත්වයක් හිමි වනු ඇත .
මෙයාගෙන් අහන්නේ කටුවපිටිය බෝම්බය සාර්ථකව කල හැටිද? කමිටුවත් මෙයත් ආණ්ඩුවත් අපි ගෙදර යවනවා නුදුරු අනාගතයේදී, මිනීමරුවෝ අපිට එපා අපේ මුළු ගමක් මල ගමක් වෙලා..
ලස්සන මෙගා නාට්ටිය.. අපි හරි අසාවෙන් බලනවා. ඉක්මනට කතාව ඉවර කරන්න නම් එපා.. කුබියෝ නාට්ටිය වගේ අගක් මුලක් හිතා ගන්න බැහැ කතාව අවසන් වෙනකන්.. පිටපත කාගේද ?