IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කිරි - වී ගොවි හබේකට ගවයන් 22 ක් කපලා

(අමදෝරු අමරජීව)

කුරුංජාන්කේණි ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් භූමියක අයිතිය සම්බන්ධයෙන් කිරි ගොවීන් හා වී ගොවීන් අතර කලක පටන් පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස කිරි ගොවීන් සතු මී දෙනුන් විසි දෙකකට තියුණු ආයුධවලින් ඇන හා පහර දී තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මී ගව පට්ටිකරුවන් තිදෙනකු කළ පැමිණිලි අනුව පරීක්ෂණයක් ආරම්භ කළ බව කින්නියා පොලිසිය කියයි.

මී ගව පට්ටි හිමිකරුවන් පොලිසියට කළ පැමිණිලිවල සදහන් වන්ෙන් මෙම භූමිය තෘණ වගාව සඳහා වෙන් කර ඇති බවයි.

ඒම භූමියේ කලක සිට ගොවීන් පිරිසක් වී වගාව කරගෙන යන අතර භූමියේ අයිතිය සම්බන්ධයෙන් පාර්ශ්ව දෙක අතර පවතින අරගලයක ප්‍රතිඵලයක් ලෙස තම මී දෙනුන්ට තියුණු ආයුධවලින් පහර දී තුවාල කර ඇති බව මී ගව පට්ටිහිමිකරුවන් පොලිසියට කළ පැමිණිලිවල සඳහන්වේ.

සිද්ධිය සම්බන්ධයෙන් කින්නියා පොලිසියට පැමිණිල්ලක් කළ කින්නියා ආලින් නගර්හි අහමදු ලෙබ්බේ හමිදු (59) නැමැති අය තමන්ගේ පට්ටියේ මී ගවයන් පස්දෙනකුට තියුණු ආයුධවලින් කපා කොටා තුවාල කර ඇති බවට පැමිණිලි කර තිබේ.

 



අදහස් (4)

කිරි - වී ගොවි හබේකට ගවයන් 22 ක් කපලා

Senarath Friday, 24 October 2025 08:48 AM

මේ අහිංසක සත්තු දන්නවද ඉඩම් ආරවුල් ගැන? මෙහෙම සතුන්ගෙන් පලිගන්න විශාල පවක් . මේ ආත්මෙදීම මේවට වන්දි ගෙවන්න වෙනවා.

:       0       8

B Amarasinghe Friday, 24 October 2025 09:38 AM

මේ වගේ කලන්නින්ට සත්තුන්ට හිරිගැර කලාට දඬුවම් කරන්න අළුතින් නීති පනවන්න ඕනෙ අප්පා

:       1       6

Lalla Friday, 24 October 2025 01:08 PM

ඕනවට වඩා වී සහ එලවලු වගාවලට ඉඩම් වෙන්කරල නේද? පසු අස්වනු කළමණාකරණය කරනවනම් ලංකාව අතිරික්ත වී සහ එලවලු ප්‍රමාණයක් නිපදවනව කියල තේරෙනවා සහතිකයි. වී 20% සහ එලවලු පලතුරු 30%පමණ කළමනාකරණ දුර්වල බව නිසාම විනාශ වෙනවා.අනික අලිපේර අඹ වැනි පලතුරු පැසීමට පෙර අස්වනු නෙලීම නිසා සහ නිසි ඇසුරුමක් නැතිව විනාශ වෙනවා.හොඳින් නොපැසුන පලතුරුවලට බෙහෙත් වර්ග යොදා ඉදවා විකුණන එක තහනමට ලක්විය යුතුයි.

:       0       0

Hemantha Friday, 24 October 2025 01:57 PM

මේ හැත්ත උලතියලත් මදි. වහාම දඩුවම් දිය යුතුයි. පව් අහිංසක සත්තු.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site