
(අමදෝරු අමරජීව)
කුරුංජාන්කේණි ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් භූමියක අයිතිය සම්බන්ධයෙන් කිරි ගොවීන් හා වී ගොවීන් අතර කලක පටන් පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස කිරි ගොවීන් සතු මී දෙනුන් විසි දෙකකට තියුණු ආයුධවලින් ඇන හා පහර දී තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මී ගව පට්ටිකරුවන් තිදෙනකු කළ පැමිණිලි අනුව පරීක්ෂණයක් ආරම්භ කළ බව කින්නියා පොලිසිය කියයි.
මී ගව පට්ටි හිමිකරුවන් පොලිසියට කළ පැමිණිලිවල සදහන් වන්ෙන් මෙම භූමිය තෘණ වගාව සඳහා වෙන් කර ඇති බවයි.
ඒම භූමියේ කලක සිට ගොවීන් පිරිසක් වී වගාව කරගෙන යන අතර භූමියේ අයිතිය සම්බන්ධයෙන් පාර්ශ්ව දෙක අතර පවතින අරගලයක ප්‍රතිඵලයක් ලෙස තම මී දෙනුන්ට තියුණු ආයුධවලින් පහර දී තුවාල කර ඇති බව මී ගව පට්ටිහිමිකරුවන් පොලිසියට කළ පැමිණිලිවල සඳහන්වේ.
සිද්ධිය සම්බන්ධයෙන් කින්නියා පොලිසියට පැමිණිල්ලක් කළ කින්නියා ආලින් නගර්හි අහමදු ලෙබ්බේ හමිදු (59) නැමැති අය තමන්ගේ පට්ටියේ මී ගවයන් පස්දෙනකුට තියුණු ආයුධවලින් කපා කොටා තුවාල කර ඇති බවට පැමිණිලි කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අහිංසක සත්තු දන්නවද ඉඩම් ආරවුල් ගැන? මෙහෙම සතුන්ගෙන් පලිගන්න විශාල පවක් . මේ ආත්මෙදීම මේවට වන්දි ගෙවන්න වෙනවා.
මේ වගේ කලන්නින්ට සත්තුන්ට හිරිගැර කලාට දඬුවම් කරන්න අළුතින් නීති පනවන්න ඕනෙ අප්පා
ඕනවට වඩා වී සහ එලවලු වගාවලට ඉඩම් වෙන්කරල නේද? පසු අස්වනු කළමණාකරණය කරනවනම් ලංකාව අතිරික්ත වී සහ එලවලු ප්‍රමාණයක් නිපදවනව කියල තේරෙනවා සහතිකයි. වී 20% සහ එලවලු පලතුරු 30%පමණ කළමනාකරණ දුර්වල බව නිසාම විනාශ වෙනවා.අනික අලිපේර අඹ වැනි පලතුරු පැසීමට පෙර අස්වනු නෙලීම නිසා සහ නිසි ඇසුරුමක් නැතිව විනාශ වෙනවා.හොඳින් නොපැසුන පලතුරුවලට බෙහෙත් වර්ග යොදා ඉදවා විකුණන එක තහනමට ලක්විය යුතුයි.
මේ හැත්ත උලතියලත් මදි. වහාම දඩුවම් දිය යුතුයි. පව් අහිංසක සත්තු.