(යොහාන් භාසුර)

කිරි තේ එකක මිල රුපියල් 100 දක්වා ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.

කිරිපිටි මිල ඉහළ යෑම සහ තේ මිල තව ද දුරටත් ඉහළ යාම යන කරුණු පිළිබඳව අවධානය යොමු කර මෙම වැඩිකිරීම කළ බවත් කිරිපිටි මිල මෙම තත්වයේම පැවතිය හොත් වසරක් දක්වා නැවත මිල ඉහළ නොදමන බවත් අසේල සම්පත් මහතා කීය.‍ෙකිරි තේ එකක් මීට පෙර රුපියල් 80 ක්ව පැවතුණි.