IMG-LOGO

කිරි ගවයන් ගෙන්වීමේදී කෝටි 175ක පාඩුවක්

(සුජිත් හේවාජුලිගේ )

මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය කිරි ගවයන් 15,000ක් ආනයනය කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවකුට රුපියල් කෝටි 175කට  වැඩි මුදලක් අත්තිකාරම් වශයෙන් ගෙවා තිබියදීත්  එකම කිරි ගවයකු හෝ  ආනයනය  කර බාරදී නැතැයි  කියන සිද්ධියක් පිළිබඳව ජාතික  විගණන  කාර්යාලය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

අදාල කොන්ත්‍රාත්කරුට 2018 වර්ෂයේදී මෙම මුදල ගෙවා ඇතැයි පැවසෙන්නේ විදේශ බැංකුවකින් ලබාගත් ණය මුදලකිනි.

මෙනිසා එම මුදලට අමතරව මෙම ණය මුදල සඳහාවූ පොලිය මෙන්ම රුපියල අවප්‍රමාණයවීමේ  අලාභයද  රජයට දැරීමට සිදුවූ බව  විගණන වාර්තාවක සඳහන් වේ.

අමාත්‍යාංශය මුල් අදියර යටතේ  ක්‍රියාත්මක  කර ඇතැයි පැවසෙන  කිරි ගවයන් 5000ක් ගෙන්වීමේ ව්‍යාපෘතිය අසාර්ථකවී තිබියදී පාර්ලිමේන්තුවේ  කිසිදු  අනුමැතියකින් තොරව ඉතිරි කිරි ගවයන් ගෙන්වීමට මෙලෙස අන්තනෝමතික ලෙස  කටයුතු කර ඇතැයි   විගණන අංශ පවසයි.

අදාල බලධාරීන් රජයේ මුදල් මේ ආකාරයට වෙනත් පාර්ශවයන්ට අවභාවිතා කිරීමට ඉඩදී ඇති බවත්  අත්තිකාරම් මුදල් කොන්ත්‍රාත්කරු ට ගෙවා තිබූ හෙයින්  එම කොන්ත්‍රාත් ගිවිසුම අවලංගු කිරීමට නීතිපතිවරයාටද නොහැකිවූ බවත් එම විගණන වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

මේ සිද්ධියට වගකිවයුතු පාර්ශවයන්ට මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (13)

කිරි ගවයන් ගෙන්වීමේදී කෝටි 175ක පාඩුවක්

යෝගා Monday, 17 January 2022 03:01 PM

අර කයිවාරු ගහන හිටං දැන්වත් මේවා කියවලා දැන ගත්තොත් හොඳයි. පහුගිය ගව පාලනේ රටට මොන තරම් පාඩු කරලද?

:       0       0

Rexi Monday, 17 January 2022 03:15 PM

හෙන ගහපිය තොපේ දරුවන්ට .බඩවල් තියෙන්නේ තොපෙ දරුවන්ට විතරද .කෝ නීතිය

:       0       0

Raveendra Monday, 17 January 2022 03:20 PM

එකල කව්ද හිටපු ඇමතියා......? එම රජයේ ආයතනයේ කව්ද හිටපු ඉහල නිලදාරීන් ?

:       0       0

susantha Monday, 17 January 2022 04:04 PM

පල් ගොර ඇමතියන්ට ,මන්ත්‍රී යන්ට ගිය රටක් මේක

:       0       0

jagath Monday, 17 January 2022 05:27 PM

ජයවේවා ,ලංකාවේ .......ගේ පුතා නේ

:       0       0

fairoos Monday, 17 January 2022 05:33 PM

එතකොට දැන් ඉන්න රජයට කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න බැරිද? ආපහු යහපාලන අයම එන්න ඕනෑද?

:       0       0

Kumara Monday, 17 January 2022 11:06 PM

මේ වගේ ජාතික අපරාධ කරන උන්ට හෙන හතම වැදීයන්... කාලකන්නි...

:       0       0

rocky Tuesday, 18 January 2022 05:55 AM

පාඩු වෙන්න තමයි මේවා කරන්නේ..!!!

:       0       0

sharm warn Tuesday, 18 January 2022 09:27 AM

අමුතුවෙන් කිරි ගවයන් මොකටද ?69 ලක්ෂයක හරක් පට්ටියක් තියෙන්නේ

:       0       1

රංජිත් Tuesday, 18 January 2022 06:43 PM

යහපාලන සිරිසේන, රනිල්, අනුර කුමාර හරක් ටික ආණ්ඩු කරද්දී ගෙනාපු හරක් තමයි ඔය.

:       0       1

Perera Tuesday, 18 January 2022 09:32 AM

කවුරු හරි හොඳට කිරි දොවාගෙන වගේ

:       0       1

Rakitha Tuesday, 18 January 2022 10:37 AM

තවත් යහපාලන මගඩියක්.කරපු තරමක් මගදී තමයි කරලා තියෙන්නේ උන්දැලා

:       0       1

ජන හඩ Tuesday, 18 January 2022 07:03 PM

ඕවා හොයාගත්තට වැඩක් නෑ. කිරි ගවයින් ආනයනය ඔය පක්ෂ දෙකටම තම මඩිය තර කරගැනීමක් වුණා. ඒත් පැති දෙකේම කට්ටිය එකිනෙකා ආරක්ෂා කළාද කියලා හිතෙනවා. ඇත්තටම අපි ලෝක සංග්‍රාමය II යුගයේ ඉන්නවා වගේ. නීතිය ක්‍රියාත්මක වෙන්නේ අප කියවූ මනුතාපය කථාවේ එන අසරණ සහ සාමාන්‍යය චරිත සහිත කොටසකටද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1019 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site