
(එච්.එස්.ඒ.නන්දන සහ බුද්ධික කුමාර සිරි)
තුම්මෝදර කුමාරි ඇල්ලේ දිය නෑමට ගිය යාපනයේ සිට පැමිණි අක්කා නගෝ සහ ඥාති සොයුරියක මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙම පිරිස වත්තල ප්‍රදේශයේ නිවෙසකට පැමිණ පසුව කුමාරි ඇල්ලේ දිය නෑමට ගොස් ඇතැයි පොලිසිය පවසයි.
කුමාරි ඇල්ලේ ඉහළ ප්‍රදේශයට හිටි හැටියේ ධාරානිපාත වර්ෂාවක් ඇද හැලී ඇති අතර එකවර ජලපහර වැඩිවීමත් සමග දියනාමින් සිටි පිරිස තිදෙනකු ජල පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන් වී ඇත.
එම පිරිස සමග තවත් සිව් දෙනකු දිය නෑමට පැමිණ ඇතැයි ද අතුරුදහන් වූවන් අතර වයස අවුරුදු 14,15 සහ 29 යන වයසේ පසුවන බව ද පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහන්තුඩාවට කී දෙනෙක් බිලිවෙලා ඇද්ද?