ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක් වී, ඉරානයට පහර දීම ආරම්භ කළ අවස්ථාවේ, ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් මියගිය ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු කමේනීගේ උපන් නගරය වන මෂාද් නගරයේ ඉමාම් රේසා පුද බිමේ දී ෂියා මුස්ලිම් ආගමික වතාවත්වලට අනුව පැවැත්වීමට නියමිතය.
 
ඉරානය යනු ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යයයි. ඉමාම් රේසා පුද බිම ෂියා මුස්ලිම්වරුන්ගේ ඉහළම ගෞරවයට පාත්‍ර වූ අතිශය ශුද්ධ වූ පූජනීය ස්ථානය ලෙස සැලකෙයි. මෂාද් ආණ්ඩුකාරවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ලක්ෂ 150 කට වැඩි පිරිසක් පැමිණෙනු ඇති බවය.