
(ගයාන් සූරියආරච්චි)
කතරගම, කිරිවෙහෙර පුරාණ විහාරස්ථානයේ නායක කොඹවක ධම්මින්ද ස්වාමීන් වහන්සේගේ ආරක්ෂාව සදහා 2018 වර්ෂයේ සිට දේවාල මුරපොළ වෙත පොලිස් නිලධාරීන් 17 දෙනකු අනුයුක්ත කර ඇති බවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු පැය 24 ම ආවරණය වන පරිදි රාජකාරි යොදවා ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
කතරගම මහා දේවාල පරිශ්‍රය තුළ, අෂ්ඨළුල බෝධීන් වහන්සේ මෙන්ම කතරගම කිරිවෙහෙර සහ අනෙකුත් දේවාල පිහිටා ඇති පරිශ්‍රයේ ආරක්ෂාව සඳහා පැය 24 ම ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 16 දෙනකු හා සිවිල් ආරක්ෂක බළකා නිලධාරියකුද යොදවා ඇති බවත් පොලිසිය කියයි.
මීට අමතරව කතරගම දේවාල පරිශ්‍රය තුළ යුද හමුදා අනුකණ්ඩයක් ස්ථාපිත කර ඇති අතර එම යුද හමුදා අනුකණ්ඩයෙන්ද කතරගම කිරිවෙහෙර පුරාණ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බව එම නිවේදනයේ සදහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන හාමුදුරුකෙනෙක් ඔතැනට පත්කරලා පොලිසි, ආමි අයින් කරන්න...
මේ විදිහටවත් රට තියෙන එක ලොකු දෙයක්... රටේ මුදල් වලින් බිලියන ගාණක් වැය කරන්නේ පන්සල් පල්ලි රකින්න. කෝ 33 කෝටියක් දෙවිවරුන්ගේ ආරක්ෂාව...?
ධර්මයේ ආරක්ෂාව ලැබෙන්නේ ධර්මයේ හැසිරෙන අයට පමණයි.
අනේ මන්දා. පැවිදි වෙලත් බයෙන් සැකෙන් ජීවත් වෙන්න වෙලානේ. ගිහි අපිටවත් නෑ ඔහොම කරදර...
අනුන්ගේ ගෙවල් වලට රිංගලා ඒ ගෙදර ගැහැණිය සමග ඉදලා ස්වාමි පුරුෂයාට අහු වෙන එවුන්ට පොලිස් හමුදා ආරක්ෂාව දෙන්න පිස්සුද මන්දා ?
හාමුදුරුවන්ටත් පොලිස් ආරක්ෂාව දෙන්න තරමටම මේ මිනිස්සු පිරිහිලා නම් සිවුර ඇරලා යන්න කියන්න.