(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නිවාඩ් කබ්රාල් මහ බැංකුවට යළි පත් කිරීම කාවුන්ට රෙදි අල්මාරියක් දුන්නා වගේ යැයි සමගි ජනබලවේගයේ කෑගල්ල දිස්ත්රික් මන්ත්රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
"මහ බැංකුව දේශපාලනීකරණයට ලක් කළ හැම රටකම ආර්ථික අර්බුද උත්සන්න වී තිබෙනවා.සිම්බාබ්බේ උදාහරණයක් හැටියට ගන්න.ඒ වගේ ප්රශ්න අප රටට නොවෙන්නැයි දෙයියන්ගෙන් ඉල්ලා සිටිය යුතුයි.
මෙි රටත් යන්නේ ඒ පාරේ ම නොවේ දැයි මොහොතකට සිතා බලන්න.දිගින් දිගටම මුදල් අච්චු ගැසීම නිසා රුපියලේ අගය විදේශ වශයෙන් මෙන්ම දේශීය වශයෙන්ද මස්ත බාල්දු වී තිබෙනවා.මේ ක්රියාදාමය හරහා බහුතරයක් හිඟමනට පත්කර ටික දෙනෙක් ධනවතුන් බවට පත්කරලා තිබෙනවා යනුවෙන්ද කබීර් හෂීම් මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අර්ජුන නමැති හිවල් නරියාට" මහා බැංකුව නමැති කුකුල් කොටුව බාරදුන් "මුන්දැලාට පමණයි මහබැංකුව විනාශ කරන කාලකන්නින්ව හොදින්ම හදුනාගන්න පුළුවන්" නේද කබීර් ගොයියෝ.......
ඒකනම් සම්පූර්ණ ඇත්ත... තමුන්ට මතක් වෙලා තියෙන්නේ...අනේද කියන්නේ..
ඕකත් ඉතින් රනිල්ට හරි, රවී කරුණානායකට දුන්න හරි වගේ තමයි. හොරු හැමතැනම... 225ම හොරු...
මහ දවල් බැංකු කොල්ල කෑවා වගෙයි
එතකොට යහපාලන කාලේ මහ බැංකුවේ හිටපු එක්කෙනා ගැන මොනවද කියන්නේ ?
මසුරන් කතාව.. 2005 ඉඳන් මේක හිස් කරපු හැටි මතක් වුණා..
හොරා කාපු බළලාට උම්බලකඩ කෑල්ලෙන් ගැහුවා වහේ
කබ්රාල් මහතා ලාංකිකයෙක්. මෙයාලගෙ ජහ පාලනය කාලෙ හිටපු උන්නැහේ ට රටේ පුරවැසි භාවයවත් නෑ.
යහපාලනයට රට බාරදීම වක්කඩේ හකුරු හැංගුවා වගේ කීවොත් වැරදිද?
තමුන්ටම මතක් වෙච්චි එක ගැන සතුටුයි .
සැප මනින්නේ හාල් සීනි ලාභද කියන එකෙන් නොවෙයි.
මෙයා මොනාද කතා කොරන්නේ. කබ්රාල් මෙරටේ පුරවැසියෙක් මුලික සුදුසුකම සම්පුර්ණයි
හොරාකාපු ඒවා ගැන ඔබ විස්තර දන්නවාද නැතිනම්. ඉරිදා පොලේ දී ඇහිච්ච දෙයක්ද? සිංහලයෝ කඩ පිලේදී ඇහිච්ච දෙයක් තමන් ඇසින් දැක්කවගේ කියන්න දක්ෂයි.