(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහබැංකු අධිපතිධුරයට පත් කිරීම තීරණය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දකුණු සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ගොනුකර තිබූ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද? යන නියෝගය නොවැම්බර් මස 03 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය ඊයේ (12) නිවේදනය කළේය.

එම පෙත්සම අද (12) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී දෙපාර්ශවයේ නීතිඥවරු එම නඩුවට අදාළ ලිඛිත දේශන අධිකරණයට භාරදී ඇතැයි බව දැනුම් දුන්හ.

ඒ අනුව පෙත්සම ඉදිරියටත් විභාග කිරීම සඳහා වගඋත්තරකරුවන් වෙත නොතිසි නිකුත් කරන්නේ ද? නැද්ද? යන්න තීරණය නොවැම්බර් මස 03 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.