
(රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රාදේශයේ මාකෙලියාව සහ තෙලහැර ප්‍රදේශ හරහා අද දහවල් හමාගිය දැඩි සුළං තත්වයක් හේතුවෙන් නිවස 12 කට පමණ හානි සිදුව ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පැවසීය.
සුළු වැසි තත්වයක්ද සමග සුළං තත්වය බළපෑ බව ප්‍රදේශවාසීහු කියති.
ප්‍රදේශයේ පෙර පාසල් ගොඩනැගිල්ලකටද සුළඟින් හානි සිදුව ඇති අතර පෙර පාසල් ගොඩනැගිල්ලේ වහලයට ගසක් කඩා වැටී ඇත.
ඒ හේතුවෙන් එම පෙරපාසල් ගුරුතුමියද සුළු තුවාල ලබා ඇති බව ප්‍රදේශවාසීහු කියති.
පොල් ගස් ඇතුළු ගස් කඩාවැටීම්ද වාර්තාවී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd