
(අජන්ත කුමාර අගලකඩ)
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස්වලින් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගැනීමේදී වෙනම නීතිඥ මණ්ඩලයක් මාර්ගයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට වාසුදේව නානයක්කාර,විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන ඇමතිවරුන් තිදෙනා තීරණය කර ඇත.
මෙම කොටස් පැවරීමේ ආණ්ඩුවේ තීරණයට එරෙහිව පෙත්සම් පහක් ගොනු කර ඇති අතර, එම පෙත්සම් ලබන 26 වැනිදාසලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
මෙම පෙත්සම් පහ පස් දෙනකු හෝ ඊට වැඩි පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන්නැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.
මෙම පෙත්සම් සලකා බැලීමේදී වගඋත්තරකාර කැබිනට් මණ්ඩලය වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටින අතර, කැබිනට් මණ්ඩල සාමාජිකයන් වන මෙම ඇමතිවරුන් තිදෙනා වෙනම නීතිඥවරුන් පිරිසක් මාර්ගයෙන් අධිකරණයට කරුණු දැක්වීමට තීරණය කර ඇත.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වල නායකයන්ගෙ විශේෂ සාකච්ඡාවක් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නිල නිවසේදී පෙරේදා (17) රාත්‍රී පැවැති අතර, මෙම පෙත්සම් සලකා බැලීමේදී වෙනමම නීතිඥ මණ්ඩලයක් මාර්ගයෙන් අධිකරණයට කරුණු දැක්වීමට එහිදී තීරණය කර ඇත.
මෙම ගිවිසුමට අදාළ කැබිනට් සංදේශය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ ආකාරය ප්‍රශ්නකාරී බව අධිකරණය හමුවේ කියා සිටීමට ද එහිදී තීරණය කර ඇත.
මේ බලාගාරයේ කොටස් වලින් සියයට හතළිහක් ඇමරිකානු සමාගමකට පැවරීමට එරෙහිව වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් පසුගියදා ප්‍රසිද්ධ මහජන රැස්වීමක් දපැවැත්වූ අතර,ඊට අදාළ කැබිනට් සංදේශය කැබිනට් මණ්ඩලය තුළ ප්‍රමාණවත් ලෙස සාකච්ඡා නොවුණු බව ද ඔවුහු එහිදී සඳහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පස්ස පැත්තට පයින් ගහලා මුන්ව ඇදලා දාන්න සර් . හොඳ නරක මේ බත් කන හරක්ට තේරෙන්නේ නෑ
ඔය මොනවා කලත් ඔය තුන්දෙනාගෙන් එක්කෙනෙක්වත් ආණ්ඩුවෙන් එලියට බහින්නේ නැහැ.
පුදුමයි එත් ඇත්තයි ද? රෑ දැනියෙල් දවල් මිගල් වගේ උනොත් මේකත් හබක්.
මේවා ඉතින් රජ විහිළු තමයි.
මේ රඟන රැගුම්, නාඩගම් බලන මුළු රටම දනී.
අපූරු දේශපාලනඥයන් .. මේ දේ ආණ්ඩුවෙන් එළියට ඇවිත් කරන්නට බැරි ඇයි. ? ආණ්ඩුවේ ඉඳගෙන සියලු වරප්‍රසාද ලබා ගනිමින්, ආණ්ඩුවටම එරෙහිවීම නින්දිතයි. අප කොයි පක්ෂයකටවත් ගැතිකම් නොකරන අය. ඒත්, ඕනෑම දෙයක් කරන ශිෂ්ඨ සම්පන්න ක්‍රමයක් තියෙනවා. ඒ නිසා කරනා දෙයක් අවංකව කරන්න. අප එහෙම කිව්වාට, අවංකව වැඩ නොකරන අය එහෙම කරන්නේ කොහොමද නේද ? ඒ අයගේ ක්‍රමය මේ ක්‍රමයම තමයි.
ගෝඨාභයට නොවෙයි සජිත්ටත් මේවගේ මිනිස්සු එක්ක ආණ්ඩුවක් කරන්න පුලුවන්ද.?
මේ කරන්නේ ගරු රඟපෑමක් අවුරුදු හැත්තෑ ගාණක් තිස්සේ මේ දෙගොල්ලෝ ජනතාවට මේ රඟපෑම කළා මේ රඟපෑම වෙනස් කළ යුතුයි වෙනස් විය යුතුයි අලුත් ජවයක් අලුත් බලයක් රටට එන්න ඕන මේ දෙගොල්ල එකතුවෙලා කළේ රට විනාස කරපු එකයි ආයෙත් ජනතාව ගොනාට අන්දයි හදන්නේ ජනතාව සීරුවෙන්.
පාලිමන්ට් ජෝක්ස් 3 - යුගදනවි නාටකය. කවුරු හැදුවත් පිටපත ටිකක් බොලදයි. හොදටම තේරෙනවා ආණ්ඩුවෙන් කරවන රගපෑමක් කියලා. මොකෝ මාස ගානක් ගිහින් තාම එකෙක් නෑ අස්වුනේ. එකෙක්ව නෑ අස් කරේ
මේකත් අර කිව්ව වගේ දෙකේ මෑන්ලගේ ,දෙකේ වැඩ. ජනතාව ගොනාට අන්දවන්න මෙයාලා කොහොමටත් දක්ෂයි
තුන්දෙනා තුන් දිහා බලං... රට වැසියෝ නිකං බොලං...
මේ ටිකක් ජාමේ බේරාගන්න චන්ද හදාගන්න ඔට්ටුවෙන එකක්. මුන්ටනම් එක චන්දයක් වත් දෙන්න හොඳ නෑ