(සුජිත් හේවාජුලිගේ)
කාබනික පොහොර යොදන ආකාරය ගැන ජනතාවට තේරුම් කර දීමට ඉදිරි යල කන්නයේදී යුද හමුදාව යොදවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ මොනරාගල සියඹලාණ්ඩුව ප්‍රදේශයේදී ගොවීන් පිරිසක් හමුවූ අවස්ථාවේදීය.
එන්නත් පමණක් නොව අද සෑම දෙයක්ම තේරුම් කර දීමට සිටින්නේ හමුදාව බවද ජනාධිපතිවරයා කීවේය.
සමහර වගාවන් සඳහා ගොවියන් පුරුදු වී සිටින යූරියා වැනි පොහොර ගෙනැවිත් දීමට තමාට හැකි බව පැවසූ රාජපක්ෂ මහතා සෑම දෙයකටම පෙර තමා ගැන විශ්වාසය තබා කටයුතු කරන්නැයි ඉල්ලීමක් කරන බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් බෝම්බ ගහලා වගේ ඵලදාව අරන් පෙන්නාවි..!
මොන හමුදාව දැම්මත් නිවැරැදි සැලසුමක් නැතිව මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ නොහැකියි. මෙවන් කටයුත්තකට වසර 10 ක් වත් අවශ්‍යයි.
රජයේ පිංබත් සේවකයින් අඩුකර හමුදාව වැඩි කරන්න...
ඇයි මේ? කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උගත් කෘෂි උපදේශකවරු ඉන්නවා නේද? නුදුරු අතීතයේදී සිදුවූයේ කෘෂි උපදේශක පැත්තකට දාලා සමාගම් වෙළෙඳ නියෝජිතයෝ කෘෂි උපදේශකවරු වීමයි. විද්‍යුත් නාලිකාවල වීඩියෝ මේ පිළිබඳව අනන්තවත් ඇත. තිබෙන සම්පත් නැවත භාවිතයට ගැනීමෙන් ප්රශ්නය ලේසියෙන්ම විසඳා ගත හැකිය.
ඔය වගේ දේවල්වලින් වෙන්නේ, අපිට, හමුදාවට තියන ගරුත්වයත් නැති වෙලා යන එක...
යුද හමුදාව නොදන්න දෙයක් නැහැ වගේ.. පාර්ලිමේන්තුව කොහොමද කරන්නේ කියලා කියලා දෙන්න ආපු දවසට තමයි කනවෝ, කනවෝ කියලා දුවන්න වෙන්නේ නේද සර්...?
මේ තරම් විනාශයක් වෙලත් තවම හරියට තේරිලා නෑ වගේ...
යුද හමුදාව දාලා ගෑස්, කිරිපිටි ලබාදෙන්න බැරිවෙයිද?
හොඳ වැඩක්... උද්ඝෝෂණයව කරන ගොවියන්ගේ බෙල්ලෙන් අල්ලලා කුඹුරට තල්ලු කරන්න පුළුවනි.., ගොවිතැන් කරපල්ලා කියලා.
මෙච්චර වින්නැහියක් වෙලත් ලැජ්ජාව වහගන්නද? එකම මතයේ එල්ලිලා ඉන්නේ... හමුදාව දාලා කුඹුරු වවලා පෙන්නන්න.. නිකන් අහිංසක ගොවියන්ගේ ජීවිත එක්ක පරීක්ෂණ කරන්නේ නැතුව...
මෙච්චර කල් ලංකාවේ නිෂ්පාදන කටයුතු කළේ හමුදාවෙන් උපදෙස් අරගෙන වෙන්නැති.. මොලේ කචල්...!!!
ජනාධිපති කමත් හමුදාවටම දෙමුද..?
මඩ සෝදාගත් කළ රණවිරුවා රජකමටත් සුදුසුයි කියන්න වෙයිද?
අායෙත් ඇණගන්න යන්නේ රිවස් එකට...
යුද හමුදාවට කියමු මෙයාට මොලයක් ගෙනත් දෙන්න කියලා...
බෙල්ලෙන් අල්ලලා වගාකරන්න පුළුවන් කිව්වේ මේක වෙන්න ඇති...!
රටේ වගාකටයුතු වැනි දෑට හමුදාව යෙදවීම හමුදා මානසිකත්වයෙන් ගනු ලැබූ තීරණයකි. පැය විසිහතරෙන් කාබනික වගාවට යොමුකිරීමත් එවැන්නකි. එහෙනම් හමුදා පාලනය ඇති රටවල් දියුණු නොවන්නේ ඇයිදැයි සොයා බලනවා නම් හොඳයි.
සමහර අය දන්නවා හමුදාව දන්නේ යුද්ධය කරන්න විතරයි.. නමුත් කෘෂිකාර්මික දැනුමක් තියෙනවා කියලා ඔවුන් දන්නේ නැහැ. අපේ මිනිස්සුන්ට මේ රට ගැන දැනුම අඩුයි...
මේ අදූරදර්ශී මිනිසා තවදුරටත් අපේ රට වනසන තෙක් බලාසිටිය යුතුද? මේ අවුරුදු 2ට සේන කරපු විනාශය පේනවා නේද?
ගරු ජනාදිපති තුමනි, කාබනික පොහොර ගැන කටයුතු කරනුයේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව බව ඔබ තුමන්ටද අමතකව ඇති සෙයකි. මෙම දෙපාර්තමේන්තුවේ ඉහල සිට පහලම නිලදාරීන්ද මෙතුවක් කාලයටම කලේ ගොවියන්ට අසාදාරනයන්මය. කෘශිකර්ම පර්යේෂණ නිශ්පාදන සහකාර තනතුර හොබවන්නන් මෙතුවක් කාලයකට, කාබනික පොහොර ගැන ගොවියන්ව දැනුවත් කිරීම පැහැර ඇතිබව ඔබ තුමන් විසින් ඊට හමුදාව යෙදවීමට අදහස් කිරීමෙන්ම පැහැදිලිය. ජනතාව විසින් සිවිල් කටයුතු සදහා පොලීසිය පිලිකුල් කර තිබීම මත , හමුදාවට බියෙන් ජනතාව එය උගනීයිද ? හමුදාව යෙදවිය යුත්තේ තම සේවය ජනතාව වෙනුවෙන් ඉටු නොකරන ගොවිජන සන්වර්දන දෙපා.වේ සමස්ත නිකමුන් නිසි මගට යොමු කිරීමටය.
රටේ කිසියම් අංශයක දෝශයක් නිවැරිදි කරන්න , එම අංශය එතෙක් කල් බාරව කටයුතුකල ආයතනවලට පලමුව හමුදාව යෙදවීම නේද සුදුසු ? රට විනාශ කලේ ගොවිජන සන්වර්දන දෙපා. වෙ ප්‍රදානියා , කෘපනිස ඇතුලු සියල්ලන්.
සමහර අය යුධහමුදාවේ සංයුතිය ගැන දන්නේ නැතුව කතා කරනවා.
දැන් නම් සර්ට හොඳටම පිස්සු වැඩි වෙලා වගේ
මේ රට දියුණු කල හැකි සම්පත් සපිරුණු උතුම් රටකි ඒ සඳහා සියළුම පුරවැසියන් දේශපාලන පක්ෂ පාට භේදය අත් හැර වැඩ කල යුතුය රජය විසින් ඒ සඳහා යෝග්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කලයුතුය මේ රටේ සියළු දෙනා බටහිරින් ලැබෙන කුමක් උවද එහි අහිතකර බව නොසලකා වසි පැත්ත මත කටයුතු කිරීමට හුරු පුරුදු වී ඇති බව බටහිර ජාතීන්ට යටවීමෙන් පසු අප ලත් පරාධීන මිනිස් ගතියකි. මේනිසා රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයට හිස නමා ආචාර කරමු. අඩුපාඩු ඇතිවෙයි. ගැටළු දුස්කරතා ඇතිවෙයි නමුත් රටේ අනාගත පරපුර වෙනුවෙන් තම දේශපාලන අනාගතය පරදුවට තබමින් කාබනික වගාව ප්‍රචලිත කිරීමට ගෙන ඇති තීරණය කිසිදා පසු පසට නොගන්නා ලෙස කාරුණිකව ඉල්ලමි. කෙනෙකුට කාබනික පොහොර භාවිතයෙන් වගාව සාර්ථක කර ගන්නටත් තවත් කෙනෙකුගේ වගාව අසාර්ථක වන්නටත් හේතු සොයා බැලිය යුතුය වර්ථමානයේ අප සැමගේ වගකීම ගෙදර එක භෝගයක් වත් වගා කර රටට ආදර්ෂයක් වීමයි.
මේ යකාට තියෙන්නෙ එසේ මෙසේ ඔලුවේ අමාරුවක් නෙවෙයි දරුණුම එකක්