(නිමන්ති රණසිංහ)
කළුතර බන්ධනාගාරයේ බී අංශයට පිටතින් විසිකරන ලද පාර්සල දෙකක තිබී හෙරොයින් යැයි සැක කළ හැකි පැකට් 158ක්,ජංගම දුරකතන 08ක් ඇතුලු තහනම් ද්‍රව්‍ය රාශියක් තිබී බන්ධනාගාර නිලධාරීන් අත් අඩංගුවට ගත් බව බන්ධනාගාර කොමසාරිස් පාලන සහ මාධ්‍ය ප‍්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.
හෙරොයින් යැයි සැක කළ හැකි පැකට් 158ක්, ගංජා මත්ද්‍රව්‍ය ග්රූම් 20ක්, ජංගම දුරකතන 08ක්, මත් පෙති 30ක්, දුම්කොල 10ක් සහ චාජර් 2ක් මෙම පාර්සල් දෙකේ තිබී අත්අඩංගුවට ගෙන ඇතැයි ඔහු සඳහන් කරයි
මෙම තහනම් ද්‍රව්‍ය සහිත පාර්සල් දෙකම කළුතර බන්ධනාගාරයේ බී අංශයට වැටී ඇති බවත් එහිදී බන්ධනාගාර සහ ක්ෂේත‍්‍ර සේවා නිලධාරීන් ඒවා අත්අඩංගුවට ගෙන ඇති බවත් හෙතෙම පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd