
(මනෝප්රිය ගුණසේකර)
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාල ප්‍රශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිළධාරියාට සහ රජයේ රස පරීක්ෂවරයාට සිහි කැඳවීමේ ලිපි අද නිකුත් කළේය.
සිද්ධියට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සකස් කිරීම සඳහා රජයේ රස පරීක්ෂක වාර්තාව අවශ්‍ය වී ඇති බවත් එහෙයින් අදාළ වාර්තාව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට යොමු කරන ලෙස රජයේ රස පරීක්ෂකවරයාට මෙන්ම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාටත් නියම කරන්නැයි කොළඹ අපරාධ කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක ශාන්තලාල් මහතා කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.
කොල්ලුපිටිය, පේද්‍රිස් මාවතේ පිහිටි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ කාමරයකදී ගෙල වැලළාගෙන සැකකටයුතු අන්දමින් මියගොස් සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝගය නිකුත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd